hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 06, පෙ.ව. 12:29



සෙංකඩගල නුවරයි කතරගම් පුරවරයයි දෙකම වැඩිපුර හැඩවෙන්නේ ඇහැළ මහට කියනවනේ.

ඒකට හේතුව ඇසළ මාසෙ මේ නගර දෙකේ පැවැත්වෙන පෙරහර මංගල්‍යය.

ඒ අතරින් මේ වෙනකොටත් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල පෙරහර නම් ඉවරයි.

කතරගම පෙරහරේ වඩාත්ම ආකර්ෂණීය අංගය, කතරගම දෙවියන්ගේ වාහනය නිරුපණය කරන මොනර නැටුමනේ.

ගිය වතාවේ සසඳි කියලා පුංචි දැරියක් ඒ මොනර නැටුමට ඉදිරිපත් වෙලා ‘මොනර පැටික්කි’ නමින් රටේම ප්‍රසිද්ධ වුණා ඔබට මතක ඇති.

කොහොම නමුත් මේ නැටුමෙන් පස්සේ ශ්‍රවණාබාධිත දැරියක් වුණු සසඳිට රටේම ආදරේ හිමිවුණා.

ඒ හින්දම ගොඩාක් අය මෙදා සැරෙත් කතරගම පෙරහරේ මොනර පැටික්කිගේ නැටුම් බලන්න ආසාවෙන් ඉන්න වග අපි දන්නවා.

හැබැයි එහෙම බලන් ඉන්න අයට කියන්න තියෙන්නේ ටිකක් දුක හිතෙන කතාවක්.

සසඳිට වෙලා තියෙන දේ ගැන සසඳිගෙ තාත්තා සජිත් ඉන්දික කිව්වේ මෙහෙම කතාවක්,

“මෙදා සැරේ පෙරහරට යන්න අපිටත් ලියුම් ආවා. ඒත් පෙරහරට කලින් රැස්වීමක් තියෙනවා. අපේ දර්ශනී රංගන කලායතනය වෙනුවෙන් මමයි දුවයි ඒකට ගියා. ගියාම කිව්වා දන්වලා එවන්නම් කියලා. ඒත් දන්වලා එව්වේ නෑ. ඉතින් දුවට මෙදා සැරේ කතරගම පෙරහරට යන්න වෙන්නේ නෑ. පොඩි එකී හරිම ආසාවෙන් හිටියේ පෙරහරට යන්න. යාළුවෝ එහෙම එයාගෙන් පෙරහරට යනවද කියලා අහද්දි යනවා කියනවා. අපි තාම කියලා නෑ යන්නේ නෑ කියලා.”

මොනර පැටික්කිගේ අම්මා අරෝෂිකා උදයංගනී මෙසේ සඳහන් කළා.

“දුව ගිය පාර කතරගම පෙරහරේ නටලා ගොඩාක් ප්‍රසිද්ධ වුණා. මං හිතන්නේ කොච්චර මොනර නැටුම් තිබුණත් දුවම ප්‍රසිද්ධ වුණේ කතරගම දෙවියන්ගේ අනුහසකට වෙන්න ඇති. ඒත් දුව ප්‍රසිද්ධ වෙනකොට සමහරක් අයට ඒක බලාගෙන ඉන්න බැරිවුණා. ඒ අයට දුව ගැන ඉරිසියාවක් හිතෙන්න ඇති. සමහර කලායතනවලින් පවා එක එක ප්‍රශ්න ආවා. සසඳි කියන්නේ පුංචි දරුවෙක්නේ කියලාවත් සමහරු හිතුවේ නෑ. මේ ටිකේම දුව ඉස්කෝලේ යන්න කලින් නැගිටලා අහනවා අද අපි පෙරහරේ නටන්න යනවද කියලා. ඒ පුංචි හිත රිද්දන්න ලෝබයි. ඉතින් අපි බොරුවට කියනවා හෙට අනිද්දට යමු කියලා. එයා මේ ටිකේම ෆෝන් එකෙන් පෙරහර බැලුවා. අපට තේරෙන්නේ නෑ දුවට මේක කොහොම කියන්නද කියලා. අපට යන්න වෙන්නෑ කීවොත් පොඩි එකීට ඒක දරාගන්න බැරිවෙයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: