hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 4:36



තම සේවා කාලයේ වසර දාහතරක් තුළ එකම නිවාඩුවක්වත් ලබා නොගත් විදුහල්පතිවරයෙක් පිළිබඳ පුවතක් හොරණ අධ්‍යාපන කලාපයේ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයේන් වාර්තා වෙනවා.

එම පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන විදුහල්පති සුසන්ත ජයනාල් පෙරේරා මහතා මෙසේ සිය වසර 14ක කාලය තුළ ඒකදු නිවාඩුවක් හෝ ලබාගෙන නොමැත.

සුසන්ත මහතා ඉංග‍්‍රිසි ගුරුවරයකු වශයෙන් මුල්ම පත්වීම ලබා ගත්තේ මහියංගන අධ්‍යාපන කලාපයේ පස්සර මීරියබැද්ද පුංචි ඉස්කෝලෙටය.

ඒ 1994 වර්ෂයේ දීය. හෙතෙම වසර දහයක පමණ එහි රාජකාරී ගත කළා.

2010 අවුරුද්දේ ඔහුට භාරගන්නට වෙන්නේ වැහෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන පාසලක්ය.

ඒ හාන්දුපැල්පොල කනිෂ්ඨ විද්‍යාලයටය.

වසර කිහිපයක පසුව ජාතික කියවීම් මාසයේ ලංකාවේ හොඳම පාසල ලෙසින් තේරීපත් වූ අතර ජාතික හරිත සම්මානය මෙන්ම හොඳම පාරිසරික පාසලට හිමි සම්මානයට ද එමෙන්ම බස්නාහිර පළාතේ හොඳම කනිෂ්ඨ විද්‍යාලය බවට ද පත්වි තිබෙනවා.

අනතුරුව 2016 වසරේ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලය භාරගත් හෙතෙම වැඩ පටන් ගත්තේ පාසලම හරිත කලාපයක් බවට පත් කරමින්.

කාර්ය බහුල ජීවන රටාව තුළ වුවද සුසන්ත නිර්මාණශිලීව පෑන හැසිරෙව්වේ පොහොසත් ශ‍්‍රි ලාංකේය සාහිත්‍යයක් වෙනුවෙන්.

එහිදී ළමා සාහිත්‍ය, චරිත කතා, කාව්‍ය, අධ්‍යාපන, ළමා ගිත පරිවර්තන ආදී කෘති පනහකට ආසන්න ගණනක් දායාද කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: