2024 මාර්තු 07, පෙ.ව. 10:56
 
            
පන්තියේ නාම ලේඛනය රැගෙන පන්ති කාමරය කරා ගමන් කරමින් සිටි කලවාන මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණියේ සිසුවියක පය ලිස්සා ඇදවැටී බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්වී ඇතැයි කලවාන පොලිසිය පවසනවා.
මෙම ශෝකජනක සිදුවීම ඊයේ (06) පෙරවරු 7.15ට පමණ සිදුවී තිබේ. මෙම සිදුවීමෙන් සිසුවියගේ දෙමාපියෝ, පාසල් දරුවෝ, විදුහල්පතිවරයා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය හා ප්‍රදේශවාසීහු ඉමහත් කම්පාවට පත්ව සිටිනවා.
මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ එම විදුහලේ ඉගෙනුම ලැබූ දිසානායක මුදියන්සේලාගේ ඉමල්ෂා සත්සරණි නමැති 13 හැවිරිදි සිසුවියක්.
ඇය ඊයේ උදේ තම පන්ති කාමරයේ නාම ලේඛනය රැගෙන එමින් සිටියදී බිම ලිස්සා වැටී තිබෙනවා.
එහිදී ඒ අසල තිබූ අඩි එකහමාරක පමණ කොන්ක්‍රීට් ගලක සිසුවියගේ නිකට ප්‍රදේශය තදින් වැදී ඇත.
ඉන් බරපතළ තුවාල ලැබූ සිසුවියව විදුහලේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන් එක්ව කලවාන රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, සිසුවිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවද පොලිසිය පවසනවා.
මෙම සිසුවියගේ වැඩිමල් සොහොයුරා ද මීට මාසයකට උඩදී හදිසි රෝගී තත්ත්වයකින් මියගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් නිකුත් කර ඇති බවත් හෙළිවිනැයි පොලිසිය පවසයි.
මෙම සිසුවිය හා ඇගේ වැඩිමල් සොහොයුරා මිය යෑමෙන් එම දෙමාපියෝ දැඩි කම්පනයට පත්ව සිටිති.
මියගිය සිසුවියගේ දෙමාපියන් ඉතා ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවූ පවුලක් බවද වාර්තා වෙනවා.
පාසලේ ඉතා දක්‍ෂ දරුවන් වූ මියගිය සිසුවියත් මීට පෙර මියගිය ඇගේ වැඩිමල් සොහොයුරාත් අකාලයේ අහිමිවීම ඉතා කනගාටුවට කරුණක් බව එම ගුරුවරු පැවසූවා.
සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් හෙළිවී නැත. පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා සිරුර කලවාන රෝහලේ සිට රත්නපුර මහ රෝහල කරා ඊයේ පස්වරුවේ රැගෙන යමින් තිබිණි.
කලවාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. එම්. ඩබ්. කේ. හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සුනිල් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනවා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවියන් දෙදෙනකුගෙන් ද, ගුරුවරුන් තිදෙනකුගෙන් ද, දැරියගේ දෙමාපියන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද පොලිසිය කියයි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25