hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:09



සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ ඉතාමත් සීමිත සිනමා නිර්මාණයන් සහ ටෙලි නිර්මාණයන් කිහිපයක් අතරින් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ඉහළම තැනක් හිමිකර ගන්න සමත් වෙච්චි ආදරණීය කලාකාරිනියක්.

ඇය ගැන කතා කරද්දී පසුගිය දවස් වල විකාශය වුණු එයා දැන් බැඳලා කියන ටෙලි නිර්මාණය නිසා නැවත වතාවක් සේමිණි ඉද්දමල්ගොඩ කියන මේ ප්‍රතිභාපූර්ණ කලාකාරිනියට ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණා.

ඒ සියලුම දේවල් එක්ක ඇය කලාවට එන්නේ  ශ්‍රියානි අමරසේන මහත්මියගේ ආරාධනාවක් මත ඉරබටු තරුව කියන නිර්මාණයට සම්බන්ධ වෙන්න.

ඒ වෙද්දිත් සේමිණි විවාහ වෙලා.

ඇය විවාහ වුණේ පොලිස් සේවයේ රැකියාව කරන පුද්ගලයෙක් සමඟ.

සේමිණි ගැන එක පාරටම කිසිම කතාවක් නැතුව ගියා.

සේමිණි ආයෙම වතාවක් සුද්දි නිසා සමාජයේ කතා බහට ලක් වෙලා තියෙනවා.

ඒ ඇවිත් යන සුද්දි වගේ එකියක් දිහා ඇස් අලෝගන්න තරම් ප්‍රේක්ෂකාගාරයක් හැදෙනවා.

‘ඔව්… මම තමයි සුද්දි…’

සුද්දි මීට කලින් වේදිකා නාට්‍යයක් ඇතුළෙත් සමලිංගික නිරූපණයක් සිදු කළා.

ඒ ගැන ඈට තිබුණා මෙහෙම කතාවක් කියන්න.

‘ඒ චරිතේ රඟපානකොට ෆීල්ඩ් එකට මම අලුත්.. මම ඒ සමලිංගික කතා ගැන ලොකුවට දැනගෙන හිටියේ නෑ. මට ඕනේ වුණා ඒ වගේ කෙනෙක් ආශ්‍රය කරන්න. මට ඒ වගේ අය ගොඩක් හම්බුණා. කාන්තාවන්ට වඩා පිරිමි අයව තමයි හම්බුණේ. ඒක රඟපාන්න මම කිසි දෙයක් දැනන් හිටියේ නැ. ඒ නිසයි ඕනේ උනේ ආශය කරන්න. මම මිතුරියන්ට කිව්වට පස්සෙ මට ඒ වගේ කෙනෙක්ව මුණ ගැස්සුවා. හරිම ශෝක් එයා. මම නම් ගම් කියන් නෑ. ඇත්තටම මම එයාගේ චරිත ලක්ෂණ තමයි අනුකරණය කළේ පුංචි ආදර බල කිරීමක් කියන වෙදිකා නාට්‍යයේ. එයාගේ ගමන් විලාසය පවා අනුකරණය කළා.. හොඳම නිළිය සම්මානය හම්බුණා ඒකට. තාමත් එයා මගේ යෙහෙළියක්, හරිම සුන්දර යාලුවෙක්. ඒගොල්ලො වරදක් මම දකින් නෑ.. ඒක එයාලා තෝරගත්ත එයාලගේ ජීවිතේ..’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: