hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 13, පෙ.ව. 3:12



සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ ඉතාමත් සීමිත සිනමා නිර්මාණයන් සහ ටෙලි නිර්මාණයන් කිහිපයක් අතරින් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ඉහළම තැනක් හිමිකර ගන්න සමත් වෙච්චි ආදරණීය කලාකාරිනියක්.

ඇය ගැන කතා කරද්දී පසුගිය දවස් වල විකාශය වුණු එයා දැන් බැඳලා කියන ටෙලි නිර්මාණය නිසා නැවත වතාවක් සේමිණි ඉද්දමල්ගොඩ කියන මේ ප්‍රතිභාපූර්ණ කලාකාරිනියට ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණා.

ඒ සියලුම දේවල් එක්ක ඇය කලාවට එන්නේ  ශ්‍රියානි අමරසේන මහත්මියගේ ආරාධනාවක් මත ඉරබටු තරුව කියන නිර්මාණයට සම්බන්ධ වෙන්න.

ඒ වෙද්දිත් සේමිණි විවාහ වෙලා.

ඇය විවාහ වුණේ පොලිස් සේවයේ රැකියාව කරන පුද්ගලයෙක් සමග.

එදා ඉඳන්ම සේමිණීට තිබිලා තියෙන්නේ එකම එක හීනයයි ඒ හොඳ ගෘහණියක් වෙලා දරුවො ගොඩක් එක්ක පවුල් ජීවිතය සතුටින් ගෙවන එක.

ඒ නිසාම විවාහ වෙච්ච අලුත් අලුත ඇයගේ මූලිකම මූලික ම බලාපොරොත්තුව තමයි දරුවෙක් හදන එක.

එනිසාම ඇය කිසිම පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කළේ නැහැ කියලත් සඳහන් කරනවා.

ඒ බලාපොරොත්තුත් එක්ක ඇයට පළවෙනි දරුවා හම්බවෙන්න එනවා.

හැබැයි ඒ කතාව සුන්දර කතාවක් විදිහට නං අවසන් වුණේ නැහැ.

ඒ කටුක අමිහිරි අත්දැකීම් පිළිබඳව පැමිණි කිව්වේ මේ වගේ කතාවක්.

“හරියට කළල වර්ධනය වෙලා නෑ මාස එකහමාරෙන් දෙකෙන් වගේ මටත් ඒ ඛේදනීය තත්ත්වයට මුහුණ දෙන්න සිදුවුණා.අනික ඒක ලොකු වේදනාවක්.ඒ ගබ්සා වීම කියන එක ලොකු වේදනාවක්.එ වේදනාවත් එක්ක මම හතර වතාවක් විතර දුක් වින්දා. මගේ ජීවිතය හුඟක් දේවල් මට සිද්ධ වුණේ අමුතු විදිහට.ඒ දේවල් වලින් පස්සෙ මම ටිකක් මානසිකව වැටුණා. ගානක් නැහැ සෙනග ඉන්නවද කියලා ගානක් නැහැ එහෙම හිතන් නැතුව මගේ අතේ ඉබේම ගිහින් මට බිලීඩ් වෙනවද කියලා මම බලලා තියෙනවා.ඒක කරන්න මට කිසිම ලැජ්ජාවක් දැනුනෙ නැහැ ඒ තරම් මං මානසිකව වින්දා.ඒ වගේ මානසිකත්වයක මම ඉන්න කාලෙකදි තමයි ඉරබටු තරුව ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් ආවේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: