hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 ජනවාරි 07, ප.ව. 12:23



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

හැබැයි මේ පාර නම් පුවත් මැවිලා තියෙන්නෙ ශලනි කරපු දෙයක් නිසා නම් නෙවෙයි, කේක් එකක් නිසා.

පසුගියදා පැවති කේක් නිර්මාණ ප්‍රදර්ශනයකදි ශලනි තාරකාගෙ අනුරුවක් අයිසින්වලින් නිර්මාණය කරලා තිබුණා.

ඒ ගැන අදාළ ඇකඩමියෙන් ඊයේ (06) ෆේස්බුක් සටහනක් පළ කර තිබෙනවා.

“ලංකාවේ ජනප්‍රියම නිළිය, ශලිනි තාරකා අයිසින්වලින් නිර්මාණය කල හැටි.

ශලිනි තාරකා ලංකාවේ ජනප්‍රියතම නිළියක්.

නිරන්තරයෙන් සමාජයේ කාගේත් අතර කතාබහට ලක්වන චරිතයක් වන ඇය හැමෝගෙම ආදරයට පාත්‍ර වන කලා ශිල්පිණියක්.

පසුගියදා විවාහ වූ ඇයගේ මංගල ඇදුමින් සැරසී සිටි මේ නිර්මාණය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ අයිසින්වලින් යැයි පැවසුවොත් ඔබ පුදුම වෙනවා…?

ඔබ හිතන්න, මේ වගේ නිර්මාණයක් කරන්න, කොච්චර මහන්සි වෙන්න ඔනෙද? කොච්චර කැප වෙන්න ඔනෙද? කොච්චර නිර්මාණශීලී හිතක් තියෙන්න ඕනද?

මේ ඔබ දකින්නේ, බැලු – බැලුදෙනා විශ්මයට පත් නිර්මාණ රැසක් ඇතුලත් වූ Lakshmi Kumari – International Sugar Studio & Academy සංවිධාන කල Graduation ceremony & Master Piece Display 2023 කේක් නිර්මාණ ප්‍රදර්ශනයට ඇතුලත් වූ, මෙරට පළමු වරට නිර්මාණය කළ ජනප්‍රිය නිළි ශලිනි තාරකාගේ අයිසින් අනුරුවයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: