hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 ජනවාරි 18, පෙ.ව. 12:00



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

ශලනි තාරකා කියන්නේ ඒ විදියට සැරින් සැරේ කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක්.

හැබැයි මේ කතාව නම් ඒ ගැන නෙවෙයි.

RRshow වැඩසටහනට එක් වූ මොහොතක ඇය අතීත සිදුවීම් නැවත වතාවක් ආවර්ජනය කළා.

‘මම මේ ක්ෂේත්‍රයට එන්නෙ අවුරුදු 16 දී පොඩි දරුවෙක් විදිහට… මාව එක රැයින් ජනප්‍රිය චරිතයක් කරනවා ලංකාවේ ජනතාව… මාව කුමරියක් කරලා, මට ජනප්‍රියත්වයක් දීලා මාව සමාජයට දෙනවා. මම තැලිච්ච පොඩි වෙච්ච කෙනෙක් නෙවෙයි….. හැබැයි… ඊට මාසෙකට පස්සෙ ඔය තලන තැලිල්ල පටන් ගත්තෙ… ඒ කාලේ මම මාර විදිහට අඬනවා. ඒගොල්ලො කියන අපහාස පවා මට තේරුණේ නෑ…’

‘ඒ වෙද්දි පෙම්වතෙක් එක්ක යාලුවෙලා ඉන්නවා. නමුත් ඒක හරි සුන්දර දෙයක්. ඒ පුද්ගලයා පවා මාව මලක් වගේ ආදරෙන් බලාගත්තා. පස්සෙ කාලයක් යද්දි ඒවා නැතිවෙලා යනවා…’

‘ඔහොම ගිහින් ආයෙ මගේ ජීවිතේ ඛේදවාචකයක් වෙනවා. දැනට අවුරුදු 6කට කලින්.. ඒකත් ආදරේ නිසා. ආදරේ ‌හොයන්න ගිය නිසා වැරදි පුද්ගලයෙකුගෙන්.. මේ පුද්ගලයාට මම ආදරේ කරන එක වැරදියි කියලා දැනගත්ත ගමන් මම එතනින් ඉවත් වෙනවා.. නමුත් ඒ පුද්ගලයාට ඒ ශක්තිය නෑ කියන මගේ ප්‍රශ්නයක් නෙවෙයි…’

‘නමුත් මේ සිද්ධියෙන් පස්සෙ මම ගොඩක් ඇඬුවා.. මාස ගාණක්, අවුරුද්දක් ඇඬුවා…. කවි ලිවුවා, ඒ තරම් මම රිදවුනු කාලයක් තවත් නෑ. ඒගොල්ලො ඒක තේරුම් ගත්තෙ වැරදියට. එතනින් පස්සෙ මට වැටෙන්න නොදුන්න අය හිටියා… මම මිනිස්සුන්ට බයයි…. හැබැයි මම දැනන් හිටියා, මම වරදක් කරලා නෑ‍. ඒ පුද්ගලයාට කිසිම තැනක ශක්තියක් තිබුණේ නෑ, මම විවාහකයෙක් කියලා කියන්න.. මාධ්‍යයටත් හැංඟුවා…’

‘මම ඇතුළු ගොඩක් අය මේක දන්නවා. අහුවුණේ මම විතරයි.. මොකද මම තමයි ජනප්‍රිය කෙනා… එදා ඉඳන් මම මේක කතා කළේ නෑ කිසිම තැනක… ඔය කතාවේ කතා තුනක් තියනවා. එක කතාවක් කියන්න එයා මේ ලෝකෙ නෑ…..’

‘මට හරියටම අවුරුදු 26යි… මම එදාම හිතාගත්තා මම ආයෙ කවදාවත් අඬන්නෙ නෑ කියලා‍.. හැබැයි මම මට වචන කියපු කිසි කෙනෙක්ට අදටත් සාප කරන්නෙ නෑ….’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: