hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 05, පෙ.ව. 12:27



ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලෝක කුසලාන ඕස්ට්‍රෙලියානු තරග සංචාරයකට රංගන ශිල්පිණී ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ සහභාගී වීම ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වෙනවා.

එහිදී ක්‍රිකට් සභාපතිව සිටි ජයන්ත ධර්මදාසගේ නමද කියැවුනේ ශලනිට සහ අනුරාධාට විශේෂ උදව්වක් කළ ළෙංගතුකමද ප්‍රශ්නයට නගමිනි. 

ඔවුන්ගේ නම් අනුග්‍රාහක නම් ලැයිස්තුවේ තිබුණ අතර එයට අදාළ සාක්ෂි පැතිරයාමත් සමග සමාජ මාධ්‍ය පරිශීලකයින් ප්‍රශ්න කළේ ඇයට වියදම් කර එරටට ගෙන යාමට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් හට තිබුණ උවමනාව කුමක්ද යන්නයි.

ක්‍රිකට් සභාපතිව සිටි ජයන්ත ධර්මදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

එහිදී ඒ මහතා දිගින් දිගටම කියා සිටියේ තමා එලෙස ක්‍රිකට් ආයතනයේ මුදල් වලින් නිළියන් රැගෙන නොගිය බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: