hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 07, පෙ.ව. 12:01



පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩිපුර කටහබහට ලක් වූ චරිත 3ක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලෝක කුසලාන ඕස්ට්‍රෙලියානු තරග සංචාරයකට ගිය රංගන ශිල්පිණී ශලනි තාරකා, අනුරාධා එදිරිසිංහ සහ ජයන්ත ධර්මදාස.

මොවුන් සම්බන්ධයෙන් මුහුණු පොතේ මෙන්ම youtube නාලිකා ඔස්සේ සාක්ෂි බව පවසමින් පුවත් කරලියට ආවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ශාලිනික තාරුකා එක්තරා youtube චැනලයකින් පැවැත් වූ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, තමා සහ මිතුරිය එම ක්‍රිකට් තරගාවලියට ගියාට ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ වියදමින් visa ලබානොගත් බවයි.

නමුත් තව youtube චැනලයකින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් සභාපතිව සිටි ජයන්ත ධර්මදාසගෙන් සත්‍ය විමසා සිටියා.

එහිදී ජයන්ත ධර්මදාස කියා සිටියේ, එම තරගාවලිය නැරඹීමට කිසිදු නිලියක් රැගෙන නොගිය බවයි. 

කෙසේවෙතත් අනුරාධා එදිරිසිංහ සිය නම ක්‍රිකට් වලට ගෑවීම ගැන මේ වන විට වචනයක්වත් කතා කර නැහැ.

මුහුණුපොතේවත් ඒ ගැන කිසිදු සටහනක් තබා නොතිබීම හැමෝටම ගැටළුවක්.

තමන් නිර්දෝෂී නම් ඒ බව ඔප්පු කිරීම ඇයගේ වගකීමක් නොවේද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: