hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 08, පෙ.ව. 12:01



ඕස්ට්‍රේලියාවේ පැවැති 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා තමන් ගියේ තම වියදමින් බව රංගන ශිල්පිනී ද ශලනි තාරකා සඳහන් කරනවා.

නමුත් තමන් ක්‍රිකට් ආයතනය හරහා අනුග්‍රහකත්ව ලිපියක් ලබා ගත් බව පිළිගන්නා බවද ඇය සඳහන් කළා.

තමන් ක්‍රිකට් ආයතනයේ මුදල් සොරකම් කළේ නම් ඒ අදාළ ලිපිය මුද්‍රණය කිරීම සඳහා ගිය රුපියල් සියය හෝ පනහ බවත් තමන් එය ගෙවීමට සූදානම් බවත් ඇය කියා සිටියා.

තමන් කිසිවෙකු සමග හෝ අයුතු සබඳතා පවත්වන්න නැති බවත් මෙම ප්‍රශ්නයට සාමාන්‍ය ලෙස මුහුණ දීමට කිසිදු බයක් නැත්තේ තමන් කිසිදු වරදක් සිදු කර නැති නිසා බවත් එහිදී කියා සිටියා.

විවාහය අත ළඟ තියෙද්දිත් හැදෙන කතාවලින් නම් අඩුවක් නැහැ නේද?

“ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා කියලා තමයි මේ දවස්වල මට හැදිලා තියන ලොකුම කතාව. නළු නිළියන්ට ක්‍රිකට් මැච් බලන්න තහනම්ද කියලයි ඒ විදිහෙ කතා හදන අයගෙන් මට අහන්න තියෙන්නෙ. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න මම ගියා. හැබැයි ඒ මගේ පෞද්ගලික මුදලින් ටිකට් අරගෙන මිසක ක්‍රිකට් ආයතනයේ මුදල්වලින්වත් කාගෙවත් ෂුගර් බේබි විදිහටවත් නෙමෙයි. මම වගේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න තවත් නළු නිළියො කීපදෙනෙක් ඇවිත් හිටියා. ඒ අවස්ථාවේදි ගත්ත ඡායාරූපයක් තමයි මේ බොරු ප්‍රවෘත්තිය නිර්මාණය කරන්න යොදාගෙන තිබුණෙ. ඒ ඡායාරූපයෙ මාත් එක්ක තවත් නළු නිළියො හිටියට සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලදි මගේ නම විතරයි මේ සිද්ධියට ඈඳලා ප්‍රකාශ කරන්නෙ. ඒ නිසා හොඳටම පැහැදිලියි මේක මට විරුද්ධව එල්ල කරන මඩ ප්‍රහාරයක් කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: