hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 11, ප.ව. 12:10



ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය විසින් වසර 20කට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී  දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි.

මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා ගන්නට ඉඩකඩ තියෙන්නේ  කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලි නාට්‍යය තුළින්.

ඉතින් මේ ටෙලි නාට්‍යය දෙකටම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් සහ අඩෝ කියන ටෙළි නිර්මාණයන් ශලනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටම නිර්මාණයන් අතරින් කීපයක්.

ශලනිගේ නම මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ගැටලුවට ඈදිලා තියෙනවා කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

ශලනිගේ ක්‍රිකට් හුටටය එක්ක තව මාතෘකාවක් එළියට ආවා.

ඒ ශලනිගේ විවාහය ගැන. එකතරා යූටියුබ් නාලිකාවක වැඩසටහනක එක් වෙමින් ශලනි කිව්වේ අගෝස්තු මාසයේ මැද ඇයගේ විවාහය සිදු වන බවයි.

එයාගේ විවාහයේ දෙවනි මනමාලියෝ ටික ශලනි හදුන්වා දුන්නා.

ශලනිගේ වෙඩින් එකේ දෙවනි මනමාලියෝ 8 දෙනෙක් ඉන්නවා.

මේ අතරට ශලනිගේ හොදම යාලුවො වගේම ජනප්‍රියම නිළියොත් ඇතුළත්.

අනුරාදා, රොශෙල් , සචිනි වගේම තව 5 දෙනෙක්.

කෙසේවෙතත් මේ වන විට ශලනිගේ Bride to Be Party එකේ ජායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: