hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 24, පෙ.ව. 12:02



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

හැමෝම ආදරය කරන ශලනිත් පහුගිය කාලේ ලංකාවේ හිටියේ කලා කටයුතු කිහිපයකට සම්බන්ධ වී තිබුණු නිසා.

ශලනි තාරකා කියන මේ සුරූපී නිලිය විවාහය නිසා දැන් සීමාවකට කොටු වෙලාද..? 

වැඩියේ තමන්ගේ පෞද්ගලික තොරතුරු බෙදාහදාගන්නේ නැති ශලනි කාලෙකට පස්සේ මේ ගැන පුවත්පතකට කියන්න හිතලා.. ඉතින් මේ බලන්නකෝ ඇය ඒ ගැන කියපු කතාව..

විවාහයත් සමඟ රංගන ශිල්පිනියන්ගේ ජනප්‍රියත්වය අඩුවන බවට මතයක් තිබෙනවා, එය ඔබට බලපෑවේ කොහොමද?

මට නම් ඒක කොහෙත්ම දැනිලා නැහැ.. මට තිබුණට වඩා ජනප්‍රියත්වය වැඩි වෙලා මිසක් අඩුවක් දැනෙන්නේ නැහැ.. නමුත් මම හිතනවා රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වේවා.. ඔවුන්ගේ ජීවිතය සමබර විය යුතුයි කියලා.. එතැනදි ඔවුන්ගේ කලා ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් සමබර වුණොත් තමයි අපි සාර්ථක වෙන්නේ.. ජීවිතය තරාදියක් නම් ඒ දෙපැත්තම සමබර වෙන්න ඕනෑ.. එතැනදි එක පැත්තකට බර වැඩියි නම් අපි සාර්ථක නෑ කියලා තමයි මට හිතෙන්නේ.. ඕනෑම කෙනෙක්ට නිසි කාලයක් නිසි වයසක් එනවා ඒ ඒ තීරණවලට යන්න.. මම හිතනවා මේ කාලවකවානුවේ තමයි මට නිසිම කාලය කියලා.. මොන දේ බැලන්ස් වෙන්නත් හරිම පුද්ගලයා ලැබිය යුතුයි.. මම මගේ කාලවකවානුවේ ඒ ගැන ඉවසීමෙන් හිටියා.. විවාහ වෙන්න මීට කලින් වුවමනාව තිබුණත් මට සුදුසු පුද්ගලයෙක් ලැබෙනකම් ඉවසගෙන හිටියා.. ඉතිං සුදුසු පුද්ගලයා ජීවිතයට ලැබුණම මම විවාහ වුණා.. ඔහුගෙන් මට කිසිම බලපෑමක් නැහැ මගේ කලා කටයුතුවලට.. ඒකයි මම ලංකාවට ඇවිත් ඒ දේවල් කරගෙන යන්නේ.. එතැනදි මගේ වගකීම තමයි ඔහුටත් හානියක් නොවෙන්න, කලා කටයුතුවලටත් හානියක් නොවෙන්න දෙකම සමබර කරගන්න එක. ඔහුගෙන් ඒ සඳහා ලොකු සහායක් ලැබෙනවා..

පුද්ගල ජනප්‍රියත්වය ගැන ඔබ දරන මතය මොන වගේද?

ජනප්‍රියත්වය ගැන කතා කරන විට දීර්ඝ කාලයක් පුරාවට මිනිසුන්ට මතක හිටින කෙනෙක් වීම හා මේ මොහොතේ ජනප්‍රිය වෙලා ඉක්මනටම අමතක වෙන කෙනෙක් වීම වෙනයි.. මට අවශ්‍ය වුණේ හැමදාම ජනප්‍රිය නිළිය අවෝර්ඩ් එක අරගෙන මම ජනප්‍රියයි කියලා පෙන්නන්න නෙවෙයි.. මට අවශ්‍ය මම කරපු කලා කටයුතු එක්ක ඔවුන්ට මාව සහ මගේ චරිත මතකයේ රැඳවීමට.. මම හිතනවා ඒ අතින් මම යම්තාක් දුරකට සාර්ථක වෙලා තිබෙනවා කියලා.. අවුරුදු ගාණක් ගිහින් හරි අපේ චරිතය මතක තිබීම තමයි අප දීර්ඝකාලීනව රඳා පවත්වාගෙන යෑමට හැකි දෙය.. එහෙම නැතුව නාට්‍යය විකාශය වෙද්දි ගොඩක් ජනප්‍රිය වෙලා පසුව මිනිසුන්ට නමවත් අමතක වන ක්ෂණික ජනප්‍රියත්වයෙන් වැඩක් නැහැ..

සැමියා වෙන රටක ජීවත්වන නිසා ඉදිරියේදි ඔබට කලාවෙන් සමුගන්න වේවිද?

ඇත්තටම මේ දිනවල මම ඉන්නෙත් මගේ කලා කටයුතු ටිකක් අවසන් කරන්න.. නමුත් ඉදිරියේදී මාව දීර්ඝ ටෙලි නාට්‍යවලින් නම් දකින්න ලැබෙන එකක් නැහැ. හොඳ නිර්මාණයක් ආවොත් පමණක් මම රංගනයේ යෙදෙයි.. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට මගේ රංගන කටයුතු ඉතාම සීමාවෙයි.. ඉස්සර වගේ නම් කොහොමත්ම රංගනයත් එක්ක ගොඩක් කාර්යබහුල වෙන්නේ නැහැ.. ඒක තමයි දැනට තිබෙන තත්ත්වය.. නමුත් හොඳ පිටපතක් සහිත නිර්මාණයක් සමඟ යමක් කළ හැකි චරිතයක් ලැබුණොත් දායක වෙනවා..

ඔබ පසුගිය කාලයේ එතරම් මාධ්‍ය හමුවට ආවේ නැහැ, ඒකට විශේෂ හේතුවක් තිබෙනවද?

පහුගිය කාලයේ විතරක් නෙවෙයි.. කොහොමත් මම කැමැති නැහැ නිතරම එක්ස්පෝස් වෙන්න.. මම ප්‍රෝග්‍රෑම්වලට යන කෙනෙක් හෝ නිතරම පත්තරවලට ඉන්ටර්වීව් දෙන කෙනෙක් නෙවෙයි.. මොකක් හෝ මගේ නිර්මාණයක් එනවා නම්, ඒක ප්‍රේක්ෂකයා අතරට අරගෙන යන්න අවශ්‍ය නම් මම ඉන්ටර්වීව් එකක් කරනවා.. එහෙම නැතිව හැම වෙලේම අපි කතා කළොත් ඒක වැඩක් නැහැ කියලා මම හිතනවා.. මම සාමාන්‍යයෙන් අවුරුදු ප්‍රෝග්‍රෑම්වල, ක්‍රිස්මස් ප්‍රෝග්‍රෑම්වල කිසිම නාළිකාවක නිතර දකින්න ඉන්න කෙනෙක් නෙවෙයි.. ඒක මගේ පෞද්ගලික කැමැත්ත.. ඉන්ටර්වීව් එකකට පවා යන්නේ විශේෂයෙන් කතා කරන්න දෙයක් තිබෙනවා නම් පමණයි..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: