hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 29, පෙ.ව. 12:07



ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය විසින් වසර 20කට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි.

මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා ගන්නට ඉඩකඩ තියෙන්නේ  කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලි නාට්‍යය තුළින්.

ඉතින් මේ ටෙලි නාට්‍යය දෙකටම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් සහ අඩෝ කියන ටෙළි නිර්මාණයන් ශලනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටම නිර්මාණයන් අතරින් කීපයක්.

ක්‍රිකට්වලටත් වඩා මේ කලේ ලංකාවේ හැමෝම කතා කරන්නේ ශලනි ගැන කිව්වොත් හරි.

කොහොම වුණත් ඇයට එරෙහිව එල්ල වෙන චෝදනා නම් මේ දවස්වල එච්චර හොඳ නැහැ.

මොකක් වුණත් මේක එයාගේ අපලයක් කියලා ශලනි එක අවස්ථාවක එයාගේ සමාජමාධ්‍යවල පලකරලා තිබුණා.

ඇත්තටම මේ කතා එක්ක ශලනි නිහඬ පිළිවෙතක් අනුගමනය කරා කිව්වොත් හරි.

ඒත් මේ වෙද්දී ඇය ඇගේ විවාහයට සූදානම් වෙනවා කියන එක ඇය ගොඩක් වෙලාවට වසන්කරන්න හැදුවත් ගොඩක් දෙනෙක් ඒ ගැන අවධානයෙන් ඉන්නවා.

ශලනි ඒ වැඩ එක්ක බිසී නිසා මේ කතා ගනන් ගන්නේ නැද්ද…?

එහෙමත් සමහර අයට හිතන්න පුළුවන්… මේ ඔක්කොම කතා ඇහෙන අස්සේ තවමත් රහසක් වුණ ශලනිගේ පෙම්වතාගේ රූපය තවමත් හරියට ලෝකෙට පෙන්නුවේ නැති වුණාට මේ කතා එක්ක ඔහුගේ ආදරය ගැන නම් ශලනි ලෝකෙට කියන්න පටන් අරගෙන.

මේ ඇය කියන්න ඇත්තේ මේ වෙලාවේ ඔහුගේ ආදරය ඇයට දැනෙන විදිහ වෙන්න ඇති.

“මුළු ලෝකයම ඔබට විරුද්ධ වන විට, ඔබ වෙනුවෙන් පෙනී සිටින සහ ඔබ විශ්වාස කරන කෙනෙකු සොයා ගන්න”  ඒ කියන්නේ ශලනි ඒ තරමටම ඔහු විශ්වාස කරනවාද..? 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: