hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අගෝස්‍තු 12, පෙ.ව. 12:01



කලා ලෝකය තුළ ජනප්‍රියතාවයට පත් වෙච්චි කොයි කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ.

ඉතින් මේ පවුලේ ආදරණීය සහෝදරියන් තුන්දෙනා ගැන කතා කරද්දී ඔවුන් පිළිබඳව ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.

මේ දියණිවරුන් තිදෙනාගේ ආදරණීය පියා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිසා නිතැතින්ම ඔවුන්ටත් කලා ලෝකයේ දොරගුළු විවර වෙනවා.

මේ අපූරු සහෝදරියන් අතරින් ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ පවුලේ බඩපිස්සි.

රංගන ශිල්පිනියක් වශයෙනුත්, නර්තන ශිල්පිනියක් සහ නිවේදිකාවක් වශයෙනුත් විවිධ දක්ෂතාවයන් ඔස්සේ කලා ක්ෂේත්‍රයේ නමක් රඳවා ගන්න ඇය දක්ෂ වෙලා තියෙනවා.

මේ වෙද්දි ටෙලිනාට්‍ය ගණනාවකටම තමන්ගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතර “දෙවැනි ඉනිම” ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.

නමුත් මේ ටෙලි නාට්‍ය මෙගා ටෙලි නාට්‍යයක් නිසා එකෙන් ඉවත් වෙන්න ශනුද්‍රි තීරණය කරනවා.

හිරු නාලිකාවේ මේ දිනවල වැඩි වශයෙන් බොහෝ දෙනෙක් නරඹන “දිවිතුරා” ටෙලි නාට්‍යයේ “ඊෂා” නැමැති චරිතය නිරූපණය කරන්නේ ඇය විසින්.

සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්වන ශනුද්‍රි – දිනේෂ් ප්‍රේම කතාව බොහෝ දෙනෙක්ට රහසක් වෙලා තිබ්බත්, දැන් නම් එහෙම නෙවෙයි.

මේ දෙන්නා එයාලගේ රහසිගත ප්‍රේම කතාව ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්න තරම් හරි පරිස්සම් වුණා.

දිනේෂ් ප්‍රසිද්ධ වෙන්නෙ ගීත වලින්, ඉතින් දිනේෂ් ගැන අනිත් අය අතරේ කතාබහ ඇති වුණේ කාලෙකට වතාවක් නිකුත් වෙන අතිශය ප්‍රසිද්ධ ගීත වගේම ශනූ එක්ක දින්නාගේ තියෙන ආදර සම්බන්ධයත් එක්කයි.

මේ සිද්ධිය ගැන මුලින්ම කට්ටියගෙ කසුකුසුවක් ඇති වුණේ ශනුද්‍රිගෙ වීඩියෝවක් නිසා.

ශනුද්‍රි ඒ වීඩියෝ එකෙන් මේ දවස්වල බිසී ජීවිතේ ගැන කතා කර කර ඉඳලා breakup එකක් ගැන කියද්දිම දිනේෂ් එතනට එන නිසාමද කොහෙද වීඩියෝව නැවතෙනවා.

ඊට පස්සෙ මේ කතාව තවත් තරමක් නරක අතට යන විත්තිය තේරුණේ කේන්තියයි දුකයි කනස්සල්ලයි.. පුරවගෙන දිනේෂ් වීඩියෝ එකක් දාපු නිසා…

දිනේෂ්ගෙ වීඩියෝ එකෙනුත් breakup එකක් ගැන කියවුණත් ඒක අතරමැද නවතින්නෙ ෂනුද්‍රි එනට ආපු නිසා. කොහොමහරි ටික වෙලාවකින් දිනේෂ්ගෙ වීඩියෝ එකට ෂනූ ටිකක් රිදෙන උත්තරයකුත් දීලා තිබුණා.

View this post on Instagram

A post shared by D I N N A (@dinesh_gamage_)

කොහොමහරි දිනේෂ්ගෙයි ෂනූගෙයි මේ රණ්ඩුව තරමක් සීරියස් කියලා හිතෙන්නෙ එයාලා කේන්තියෙන් ඉන්න නිසා විතරක් නෙමෙයි.

Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: