hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 17, පෙ.ව. 11:13



වැල්ලම්පිටිය වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සහ ජල බේසම් සවි කර ඇති කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීම නිසා මිය ගිය හය හැවිරිදි ෂෙහන්සා තත්සරණි සිසුවියන්ගේ මව ඊයේ (16) සෞදි අරාබියේ සිට සිය නිවෙසට යාම සදහා  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඇය එරට අවුරුදු 01 යි මාස 02 ක් පමණ ගෘහ සේවයේ යෙදී සිටියදී මෙම අනතුර සැළවීමෙන් මෙසේ හදිසියේම මෙරටට පැමිණීමට කටයුතු කර තිබුණා.

මෙහිදී ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ සිය අදහස් ප්‍රකාශ කළ නිරෝෂා සමන්මලී මෙසේ පැවසුවා.

“මම රට ගියේ මගේ දරුවෝ තුන් දෙනාගේ අනාගතය හදා ගන්න. ඉන්න ගෙයක් හදා ගන්න. ඊයෙ දුවගෙ උපන් දිනේ. මම කතා කරල ඇහුවා , මොනවාද ඕනෙ කියලා . එයා කිව්වා කේක් ඕන කියල.මම කිව්වා මට තව මාස 08 ක් තියෙනවා එන්න. ඒ එනකොට කේක් අරං එන්නම් කියලා. ඒත් මට කේක් අරං එන්න බැරි උනා . ඉස්කෝලෙ බිත්තිය කඩා වැටිලා , අන්තිමේ දී මගේ දුව නැති උනා. දැන් ඉන්නෙ මගේ පුතාල දෙන්න විතරයි. අනේ අපිට ගෙයක් හදා ගන්න උදව් කරන්න.” යැයි අඩමින් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: