hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:00



ගල්කිස්ස වෙරළ පාර ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා‍ෙගන යනු ලැබූ මහා පරිමාණයේ ගණිකා නිවාසයක් ගල්කිස්ස දූෂණ මර්දන අංශය මඟින් 30 වන දින වටලා එහි කළමනාකාරිය සමඟ ගණිකා වෘත්තියට පැමිණ සිටි සුරූපී ළාබාල තරුණියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට පත් කළමනාකාරිය වීරකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (44) ක් ද අනිකුත් කාන්තාවන් වීරකැටිය, අනුරාධපුරය, කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 35ත් අතර පසුවන සුරූපි තරුණියන් ද වන බවත් මොවුන් කොළඹ ප්‍රදේශයේ විවිධ ආයතනවල ඉහළ රැකියා කරන බව පවසමින් ගම රටවලට මාසිකව විශාල මුදල් යවා ඇති බවටත් හෙළි වී ඇතැයි ද පොලිසිය පැවසුවා.

ගල්කිස්ස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නයනතාර මහතා වෙත ලද රහසිගත තොරතුරකට අනුව සිදුකළ ආවේක්ෂණ රාජකාරිවලින් අනතුරුව අධිකරණ සෝදිසි වරෙන්තුවක් ලැබ පොලිස් උපාය දූතයකු යවා සුරූපී කාන්තාවක් මිලට ගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් වැටලීම සිදු කරනු ලැබ ඇත.

මෙම ස්ථානයට සුරූපි ළාබාල කාන්තා පහස පතා ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ද, ප්‍රභූවරුන් ඇතුළු ධනවතුන් පැමිණ කාන්තාවන්ගේ පහස රුපියල් 15000/= සිට 25000/= දක්වා ඉහළ මිල ගණන්වලට ලබාගෙන ඇතැයි ද පොලිසිය කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: