hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 08, පෙ.ව. 12:04



ලංකාවේ ඉවරයි නේද? දේශපාලකයන් රට කනවා නේද? අපි වැටිලා නේද? කෙනෙක්ට අහන්න පුළුවන්. හැබැයි ඒ කෙනාට කියන්න තියෙන්නේ පැරදුනේ නෑ කියන එක මොකද ඉතිහාසය තුළ මීට වඩා අපි වැටිලා තියෙනවා. ඒත් එහෙම වැටෙන හැම පාරම අපි නැගිට්ටා ඒ මුළු ලෝකයම හොල්ලගෙන ඉතින් ඒ දේ ආපහු වෙනවා. ඔහු නැවත එනවා ඒ ගිය ආත්මභාවයේදී සම්පූර්ණ කරගන්න බැරි උන අරමුණ සම්පූර්ණ කරගන්න.

ඒ තමයි මුළු ලෝකයම තමන්ගේ යටතට ගැනීම. ගොඩක් දෙනා විශ්වාස කරන්නේ ඉතාම මෑත ඉතිහාසයේ දියසෙන් කියලා කෙනෙක්ගෙන් නැගී සිටීම වෙනවා කියලා. ඒත් මේ දියසෙන් කුමාරයා කවුද කියලා කවුරුත් හරියටම දන්නේ නැහැ. කොහොම හරි මේ දියසෙන් සංකල්පය අද ඊයේ ඇති වුණ දෙයක් නෙවෙයි.

මේ දියසෙන් කතාවේ ආරම්භය කෝට්ටේ යුගය දක්වා දිව යනවා. කෝට්ටේ යුගයේ ග්‍රන්ථ වලට අනුව නම් බුද්ධ වර්ෂ 2500 දී හයවන පරාක්‍රමබාහු රජු දියසෙන් නමින් පුනර්භවය ලබනවා. ඒ වගේම එක පාරක් එක් දහස් නවසිය තිස් ගණන් වල භූමිකම්පාවක් සිද්ධ වුණා. ඇතැම් වියතුන් මේ ගැන පවසමින් සඳහන් කළේ එම භූමිකම්පාව දියසෙන් කුමාරයාගේ උපත නිසා සිදුවුණු බවයි.

ඒ වගේම ඩී එස් සේනානායක මහතා දියසෙන් කුමාරයා කියලා තවත් කට්ටියක් හිතුවා. D.S කියන අකුරු දෙකෙන් DiyaSen කියන නාමය කියවෙනවා කියලා ප්‍රචාරයකුත් ගියා. කෙසේ හෝ ඉන් අනතුරුව තමන් කැමති දේශපාලකයන් මේ දියසෙන් කුමාරයා තමයි කියන trend එකකුත් ඒ කාලේ ඇති වුණා. කොහොමහරි දියසෙන් කතිකාවත නැවතත් ඇති වෙලා තියෙනවා.

මේ දිනවල මේක නැවතත් වඩා ප්‍රබල වෙලා තියෙන්නේ බාබා වැන්ගාගේ අනාවැකියක් නිසා සහ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ නාඩි වාක්‍ය ඇසුරින් පවසපු අනාවැකියක් නිසා.අපි අද කතා කරන්නේ මෑත අනාගතය තුළ බිහිවෙනවා කියන නායකයා සම්බන්ධව අනාවැකිකරුවන් පවසන අනාවැකි ගැනයි. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා මේ හෙළ භූමියේ ඉපදිලා තියෙනවා කියලා මේ වන විට ඇතැම් අනාවැකි කරුවන් පවසලා තියෙනවා.

ඇලෙක්සැන්ඩර් කියලා කියන්නේ මීට වසර දෙදහකට පමණ කලින් සිටි රජ කෙනෙක්. ලෝකයම අල්ලගෙන ගියත් ඔහු එක තැනක නවතිනවා. ඒ ඉන්දියාව. ලෝකයේ භාගයක්ම අල්ලගත් රජ කෙනෙක් යුද්ධයක් කවදාවත් පැරදුනේ නැති රජ කෙනෙක් එහෙම ලේසියකට හැරෙයිද? කොහොම හරි ඇතැම් සාක්ෂි කියන විදියට මහා ඇලෙක්සැන්ඩර් එක තැනකදී බුදු දහම ඉදිරියේ දණ නමනවා.

කුඩා කාලයේ සිටම කාටවත් මෙල්ල කරගන්න බැරිවුණු අශ්වයෙක් මෙල්ල කරලා ඔහු ලොකු වික්‍රමයක් කළා. ඇලෙක්සැන්ඩර් රජතුමාගේ ගුරුතුමාගේ ගුරුතුමා වුනේ ඇරිස්ටෝටල්. රජ වීමෙන් පසු මහ ඇලෙක්සැන්ඩර් අධිරාජයා මැසඩෝනියාවේ සිට ඉන්දියාවේ වයඹ දිග කෙළවර තෙක් වූ මහා අධිරාජ්‍යක් නිර්මාණය කළා. කොහොම හරි මෙහෙම ලෝකයේ ප්‍රදේශයන් අල්ල ගනිමින් ඔහු අවසානයේදී ඉන්දියාවට ආවා.

එහිදී ඇලෙක්සැන්ඩර් රජුට ප්‍රබල ප්‍රතිවාදියෙක් හමුවුණා. ඒ තමයි පෝරස් රජතුමා. කෙසේ හෝ අවසානයේදී පෝරස් රජතුමා ද පරාජය කිරීමට ඇලෙක්සැන්ඩර් රජතුමාට හැකිවුණා. නමුත් දිනුවට පස්සේ රජතුමා හැරිලා ගේ ඉන්දියාවට බය වෙලා කියලා හිතනවා නම් දෙපාරක් හිතන්න ඕන කාරණාවක්. නමුත් මෙන්න මෙහෙම ජනප්‍රවාදයක් තියෙනවා. පෝරස් රජතුමා එක්ක යුද්ධ කරලා විවේකයක් අරගනිමින් ඉන්නකොට ඇලෙක්සැන්ඩර් රජතුමා ගිහින් තියෙනවා අසල වූ ආරාමයකට.

එම ආරාමයේ දහම් කතාවෙහිලා දක්ෂ වූ අන්‍යයන්ට කරුණු අවබෝධ කිරීමේ ලා නිපුණ වූ ප්‍රදේශවාසීන්ගේ අති මහත් ගෞරවාදරයට පාත්‍ර වූ භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කරලා තියෙනවා. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඒ භික්ෂූන් වහන්සේ මුණගැසී තිබෙනවා. එවිට භික්ෂූන් වහන්සේ ඇලෙක්සැන්ඩර් අධිරාජයාට දහම් දෙසූ බවත් සඳහන් වෙනවා. භූමි භාගයන් අත්පත් කොට ගැනීමට යුද්ධයේ නියැලීමේ අර්ථ රහිත බව වටහා ගත් ඔහු එතනින් ආපසු හැරුනා.

ඒ ස්වකීය විජිතයට පැමිණ බෞද්ධ භික්ෂු ආරාමයක් ගොඩනැංවීමට බවට වූ පොරොන්දුවක්ද ඇතිවයි. නමුත් එයට පෙරාතුව ආපසු ගමනේදී ඔහු බැබිලෝනියාවේදී මරණයට පත්වෙනවා. කොහොමහරි හොඳට දෙයක් මතක තියාගන්න මේ ස්වාමීන් වහන්සේ හා ඇලෙක්සැන්ඩර් අධිරාජයා අතර ඇතිවූ කතාව ජනප්‍රවාදවල එන එකක් පමණයි. ඇත්තටම මෙහෙම දෙයක් උනාද කියන්න සාක්ෂි හොයාගන්න අපහසුයි. කොහොම හරි ජනප්‍රවාදවලට අනුව අරමුණු දෙකක් ඉටුකරගන්න බැරුව. ඉතින් එම අරමුණු දෙක ඉටුකර ගැනීමට ඔහු නැවත පැමිණෙනවා.

කොහොම හරි ඇතැම් අනාවැකිකරුවන් පවසන අන්දමට ඇලෙක්සැන්ඩර් රජතුමා නැවත මේ ලංකාවේ ඉපදිලා තියෙනවා. ඔහුට ඉටු කර ගැනීමට නොහැකි වූ අරමුණු දෙකම ඔහු මේ භවයේදී ඉටු කර ගන්නවා. පළවෙනි එක තමයි මුළු ලෝකයම යටත් කර ගැනීම. දෙවෙනි එක තමයි මුළු ලෝකය පුරාම බුදුදහම පැතිරවීම. කෙසේ හෝ මේවා අනාවැකි බවත් ඒවා ඇත්ත වීමටත් ඇත්ත නොවීමටත් ඉඩ ඇති බවත් කරුණාවෙන් මතක තියා ගන්න.

කොහොම හරි ඇලෙක්සැන්ඩර් රජතුමාගේ නැවත පැමිණීම කෙසේවෙතත් 2025 – 2030 කාලය තුළ ලංකාවේ ලෝක පූජිත නායකයෙක් පහළවීමට නියමිතයි. එහෙම කියන්නේ නාඩි වාක්‍ය ඇසුරෙන් බලන්ගොඩ හිමියන්. 1993 වසරේදී උන්වහන්සේ ඉතාමත් නිවැරදිව චන්ද්‍රිකා කුමාරතුංගගේ ජයග්‍රහණය, ලංකාවේ කොටි ත්‍රස්තවාදය පරාජය කරන කාලය වැනි දේවල් ඉතාමත් නිවැරදිව අනාවැකි ප්‍රකාශ කළා. ඉතින් උන්වහන්සේ නාඩි වාක්‍ය ඇසුරෙන් පවසලා තියෙනවා 2025 – 2030 අතර කාලයේ ලංකාවේ පහළ වෙන ලෝක පූජිත නායකයෙක් ගැන.

ඒ ප්‍රබල නායකයා නිසාම ලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍ය වන බවට සඳහන් කරලා තියෙනවා. ඉතින් කවුද මේ ලෝක පූජිත නායකයා? ඔහු දැනටම දේශපාලනයේ ඉන්න කෙනෙක්ද? නැත්නම් ඔහු දැනටමත් අපි අතර ඉන්න කෙනෙක්ද? ඒ විතරක් නෙමෙයි බාබා වැන්ගා විසින්ද මීට සමාන අනාවැකියක් ප්‍රකාශ කරලා තියෙනවා. ඇය ලංකාව හඳුන්වා දී ඇත්තේ රතු මකරා යන නමින්. 2020 – 2030 අතර කාලයේ දැවැන්ත රතු මකරෙක් නැගී සිටින බවත් ඉන්පසු මුළු ලෝකයම රතු මකරාට අවනත වෙනවා කියලා.

කොහොම හරි මේ රතු මකරා ගැන නොයෙක් මත තියෙනවා. සමහර අය කියනවා මේ රතු මකර කියන්නේ චීනයට කියලා. තවත් අයට අනුව නම් මේ රතු මකරා කියලා කියන්නේ පුටින්ට.නමුත් මේ රතු මකරා කියන්නේ ලංකාව කියලා මත ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම අන්තිමට දෙයක් කියන්න තියෙනවා. ඒ මේවා අනාවැකි. මේවා හරියටම වෙනවද නැද්ද කියලා වගකීමක් ගන්න අපිට බැහැ.ඇලෙක්සැන්ඩර් කුමාරයා නැවත ලංකාව තුළ ඇතිවෙනවා කියන සංකල්පය පහළ වෙන්න ඇත්තේ දියසෙන් සංකල්පය නිසා කියලා අපිට හිතෙනවා.

මොකද මෙහෙම ලෝකය පාලනය කරන්න පුළුවන් රජවරු දෙන්නෙක් ගැන ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. එක්කෙනෙක් තමයි රාවණා රජතුමා. අනෙක් කෙනා තමයි මහා ඇලෙක්සැන්ඩර් රජතුමා. කෙසේ වෙතත් මේ අනාවැකි ගැන වගකීම අපිට ගන්න බැහැ. ඒ වගේම බාබා වැන්ගා රතු මකරා කිව්වේ ලංකාවටමද කියලා අපි තාම දන්නේ නැහැ. ඒත් එක දෙයක් කියන්නම් බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ නාඩි වාක්‍ය ඇසුරෙන් පැවසූ අනාවැකි බොහෝමයක් ඒ විදියට ඇත්ත වෙලා තියෙනවා.

ඒ නිසා මේ වෙන්නේ ඇලෙක්සැන්ඩර් රජතුමාගේ පුනර්භවයද? රාවණා රජතුමාගේ පුනර්භවයද? කියලා අපිට හරියටම කියන්න බැරි වුණත් අනාගතයේ දී ලංකාවෙන් ලෝක පූජිත නායකයෙක් පහළ වෙනවා කියලා නම් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.

කොහොම නමුත් පහළ වෙන දියසෙන් කුමාරයා ගැන අනගාරික ධර්මපාලතුමා පැවසූ අනාවැකියකින්ම මේ කතාව අපි ඉවර කරමු. “මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් බෝ කළාට පස්සේ. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට සිරිත් විරිත් වලට වෛර කරනවා. ඉපදෙන්න ඉන්න දියසෙන්ලා උපන් තිබිරිගෙයිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: