hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 16, පෙ.ව. 12:07



දරුණු වකුගඩු රෝගයකට ගොදුරු වී කුඩා දියණියන් තිදෙනා සමග අනෙක දුක් විඳින පියෙකු අප්‍රේල් පළමු වැනිදාට පෙර සෞදි රටේ සිටින තම බිරිඳ ගෙන්වා දෙන ලෙසත් ජීවත්වීම සඳහා තමන්ට කවුරුන් හෝ වකුගඩුවක් ලබා දෙන්නැයි  හඬා වැටෙමින් ඉල්ලා සිටිනවා.

දේවහුව, මිගහයාය ප්‍රදේශයේ පදිංචිව සිටින පී.ඒ.නීල් පොල්ගම්පොළ අවුරුදු තිස් තුනක් වූ පියකු මෙම ඉල්ලීම කළේ තමන්ට කළ යුතු වෙන කිසිවක් නොමැති නිසාවෙන් බවත් පවසමින්.

මීට මාස 10කට  පමණ ඉහතදී ඒ මහතාගේ බිරිඳ දුලාංජලී කව්සල්යා චන්ද්‍රසිරි මිය සවුදි අරාබියාවේ ගෘහ සේවය සඳහා පිටව ගොස් ඇත්තේ දියණියන් තිදෙනාගේ සහ පවුලේ ආර්ථික තත්ත්වය ඉහළ දමා ගැනීම සඳහා බව ඔහු කියයි.

ඇය විදේශගත වීමාස කීපයක් ගත වූ පසුව එකවරම තමන් අසනීප තත්ත්වයකට පත්ව රෝහල් ගත කළ බවද පසුව සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණවලදී තමන්ගේ වකුගඩු දෙකම අක්‍රිය මට්ටමේ පවතින බවත් එදා සිට මේ දක්වාම දැඩි ලෙස රෝගාතුරව ජීවත් වන බව ඔහු කියයි.

කිසිදු වූ වැඩක්පළක් කර ගැනීමට නොහැකි තත්ත්වයේ කකුල් ඉදිමි  හන්දිපත් ඉදිමි එමෙන්ම ඇවිද ගැනීමට හෝ නොහැකිව ලේ මාරු කරන තත්ත්වයටම මේ වන විට පත්ව සිටින බවද නිවසේ ආහාර පාන පිසීම ආදිය අනිත් දරුවන් දෙදෙනාගේ සියලු වැඩ කටයුතු වයස අවුරුදු දොළහක් වූ තම වැඩිමහල් දියණිය විසින් සිදු කරන බව පියා හඬා වැටෙමින් අපි සමග සඳහන් කළා.

වයස අවුරුදු නමයක් වූ දියණියත් වයස අවුරුදු හයක් වූ බාල දියණියත් පාසල් පිටත් කර යැවීම ඔවුන් සෝදා පිරිසිදු කිරීම ආහාරපාන පිසීම  තමන්ට අවශ්‍ය  බෙහෙත් ලබා  දීම සියල්ල තම ලොකුදුව අතින් සිදු වෙන බවත් ඇයගේ අධ්‍යාපනයට ද මේ වන විට බාධා එල්ල වී තිබෙන බවද ඔහු කියයි.

අප්‍රේල් මස දෙවනි දින ලේ මාරු කිරීමේ කටයුත්ත ක්‍රියාත්මක කිරීමට මහනුවර මහා රෝහලේ නේවාසිකවන ලෙස වෛද්‍යවරුන් දැනුම් දී තිබෙන බවද තම දියණියන් තිදෙනාම හට රැකවරණයක් නොමැතිව තමන්ට රෝහල් ගත වීමට හැකියාවක් නැතැයි ඔහු හැඬු කඳුළෙන් සඳහන් කරන්නට වුණා.

තමන් දිනපතා මැරි මැරී උපදින බවත් බිරිඳ ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් ඇත්නම් තමන්ට ජීවිත බේරා ගැනීම සඳහා ලේ මාරු කරන ක්‍රියාවලියට රෝහල් ගතවීමට හැකි බවද එසේ නොමැතිව දරුවන් තිදෙනා අතරමං කොට නොයන බව සඳහන් කළා.

තම දරුවන්ට බාල වයස්කාර නිසා දරුවන්ගේ බලාපොරොත්තු ඉටුකර දීමට ජීවත්වීමේ ආශාව දැල්වෙන බව පවසන පොල්ගම්පල මහතා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් කවුරුන් හෝ ලබා දෙන්නේ නම් තමන්ව ජීවත්වීමට හැකියාව තිබෙන බවත් එසේ නොමැති වුවහොත් තමන්ට ජීවිතය අතරමග දමා යෑමට සිදුවන්නේ යැයි ද දැඩි සිත් වේදනාවෙන් යුතුවන් ප්‍රකාශ කළේ තම දරුවන් අසරණ වන බව ද පෙන්වා දෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: