hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:04



සුජානි මේනකා කියන නම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්.

ඒ තරමටම රංගන ක්ෂේත්‍රය තුළ මහඟු සේවාවක් ඉටු කළ ඇය පෝක් වීදිය ටෙලි නාට්‍ය ඔස්සේ අපිට දැක බලාගන්නට පුළුවන් වුණා.

ඇය රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය මෙන්ම සිනමාපට ද ප්‍රේක්ෂක ආකර්ෂණය විශාල වශයෙන් දිනා ගත්තේ ඇගේ රංගනයේ ඇති තාත්වික බව නිසාමයි.

ඇය ඇත්තෙන්ම කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාම නිහතමානී රංගන ශිල්පිනියක් කිව්වොත් මා නිවැරදියි.

ඇය විවාහ වී සිටින්නේ ද රංගන ක්ෂේත්‍රයේ මහගු මෙහෙවරක් කරන හරි අපූරු රංගධරයකු වන බිමල් ජයකොඩි සමගයි.

ඔහුද රංගනයෙන් දායක වන සියලුම නිර්මාණ ජනතාව අතර අතිශය ආකර්ෂණයට ලක් වන්නේ ඔහුගේ ඇති දක්ෂ රංගන හැකියාව නිසාමයි.

අප අතරින් සමුගත් සම්මානනීය ජේෂ්ඨ රංගනවේදී සුමින්ද සිරිසේනයන් ගැන සුජානි මේනකා සංවේදී සටහනක් මුහුනුපොතේ සටහන් ක‍ර තිබුණා.

ආදරණිය සුමින්ද අන්කල්…..

ඇත්තටම ආදරණීය චරිතයක් ඔහු… shooting නැතිවෙලාවලදි හරිම සැහැල්ලුවෙන්, විනෝදයකින් ඉන්න, නිහතමානී කලාකරුවෙක් ඔහු. රඟ පෑමට set එකට ආවාම පොඩි වුන් වන අපිටත් පුදුම විදිහේ සහයෝගයක් ලබා දෙන කලාකරුවෙක් ඔහු..සුමින්ද අන්කල් එක්ක මම මුලින්ම රඟපාන්නේ පුංචිම පුංචි කාලෙදි.. එතුමන් සමග මට වැඩිහරියක් රඟපාන්න ලැබුනෙම තාත්තටයි දුවටයි…. ඒ හැම දවසෙම හිනාවෙලා අහන්නේ “මොකද බන් කෙල්ලේ මේ… අපි මේ සංසාරේ කොතනකදි හරි තාත්තයි දුවයි වෙලා ඉන්න ඇති. ඒක තමයි මේ තරන් මෙහෙමම රඟපාන්න ලැබෙන්නෙ කියලා.”

මම හරිම ආස දෙයක් සුමින්ද අන්කල් එක්ක කතාකරන එක. හිතාගන්න බෑ ඒ තරන් දැනුමක් එතුමන්ට හැම විෂයක් සම්බන්දවම කොහොම තියෙනවද කියලා…හැම කාරනාවක්ම පුදුම සංයමයකින් විස්තර කරන්න එතුමන්ට පුලුවන්.….

තව එතුමන්ගැන කියලා නිම කරන්න බැරි ගොඩාක් දේවල් තියෙනවා… අවසන් වශයෙන් මම ආදරෙන් මතක් කරන්න කැමතියි එතුමන්ගේ බිරිඳ ලීලා මහත්මියත් පුතුන් දෙදෙනාවන ප්‍රභාත්, නන්දිත Nanditha …. සුමින්ද අන්කල් අවසන් මොහොත වෙනකන්ම ඔවුන් හැමෝම සුමින්ද අනිකල්ව පරිස්සමෙන් බලාගත්තා….

ඔබට නිවන්සුව ලැබේවා සුමින්ද සිරිසේන මහතානෙනි . . “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: