hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 7:09



ඊයේ උසස්පෙළ දරුවන්ගේ විභාග ප්‍රතිඵල නිකුත් වුණා.

ඒ ප්‍රතිඵල අතර ලංකාවෙන්ම පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ආදී දක්ෂයින්ගේ නම් කියවෙද්දි, විවිධ වූ දුෂ්කරතා මැද විභාගයට මුහුණ දීලා ජයග්‍රහණ ලද දරුවන් ගැනත් ඉහළින්ම කිය වුණා.

එවන් දක්ෂයින් ගැන සමාජ මාධ්‍යයේ හුවමාරු වන සටහන් අතර ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතා තබන ලද සටහනක් කෙරෙහි කාගෙත් වැඩි අවධානයක් යොමුව තිබුණා.

ඔහු මේ සටහන තබා තිබුණේ, සිය දියණියගේ විභාග ප්‍රතිඵලය පිළිබඳව.

නමුත් ඔහුගේ සටහනේ විශේෂත්වය වුණේ ගෙවුණු අරගල සමයේ සිදු වූ ගිනි තැබීම්වලට ඔහුගේ නිවසත් ලක්ව තිබීම සහ ඒත් එක්කම දියණියගේ පොත්පත් විනාශ වීම ගැනත් එහි සඳහන්ව තිබීම.

”පොත් පත් සියල්ල ගිනි තියලා.

මුලු ගෙදරම ගිනි තියලා. පාසල් අධ්‍යාපනය අහිමි කරලා. ජීවිතයේ ලබපු මිලේච්ඡතම අත්දැකිම අත් විඳලා. මරබිය සමග අමිහිරිම දුෂ්කරම අත්දැකිම්වලට ඔයයි අම්මියි නංගිලා දෙන්නයි මුහුණ දීලා ඉදිද්දි දරාගත නොහැකි වේදනාවකින් තාත්තා ඔයාලත් එක්ක ඒ අත්දැකිම විඳ දරාගෙන ඉද්දි.

මගේ රත්තරන් දුවේ ඔයා විභාගයට මුහුණ දුන්නේ තාත්තගෙයි අම්මිගෙයි හිත මම සතුටු කරනවා කියලා ඒ හැඟීමෙන්.

යාලුවන්ගේ දැනුම බෙදාගෙන පුළුවන් විදියට ගුරුවරුන්ටත් කතා කරලා ඉගෙනගෙන.

ඉතින් මගේ දුවේ ඔබ ගත්ත result එක මහමෙරක්.

ඔයා අම්මිටයි තාත්තටයි මේ ලබලා දුන්නේ ජීවිතයේ ඉහළම ජයග්‍රහණයයි.

ඉමන්දි = ඉතා ගරු ජය ගෙනෙන. මගේ ලොකු දුවේ ඔබ අපට අභිමානයකි. බුදු සරණයි මගේ දුවේ…”

Monara
ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: