hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 මාර්තු 19, පෙ.ව. 4:37



සුසන්තා චන්ද්‍රමාලි මේ වන විට පිළිකාමය රෝගී තත්වයෙන් පසු වන බව ඒෂියන් මිරර් අපි ඔබට කිව්වා මතක ඇති.

ඇයට උදව් ඉල්ලා ඇය සිය මුහුණු පොතේ සටහනක් ද තබා තිබුණා.

ඇයට උදව් කිරීමට රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි ඉදිරිපත් වුණා.

පියුමි හංසමාලි සුසන්තා චන්ද්‍රමාලිට කීපවතාවක් දුරකථන ඇමතුම් දුන්නද ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බව පියුමි කියා සිටියා.

ඒ අතරවාරයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා.

පසුගිය දවසක සුසන්තා චන්ද්‍රමාලි සමඟ සාකච්ඡාවකට එක්වූ රංගන ශිල්පී සුදත්ත තිලකිරිසි ඇයගේ අසනීප තත්වය සහ දියණිය සම්බන්ධයෙන් සුසන්තාගෙන් විමසීමක් කළා.

එහිදී ඇය මෙසේ අදහස් දක්වා තිබෙනවා.

“පුරුදු හිනාව තියනවා මගේ. මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නෙ. මානසිකව වැටීමක් නෑ. මාත් එක්ක ඔයාලා හැමෝම ඉන්නවා කියලා මම දන්නවනේ. මම 2020 දී මුලින්ම අසනීප වුණා. හොඳම වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ගත්තා. ඇත්තටම මම සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා. ඒ රෝගී තත්ත්වය නිසා මම ටිකක් පීඩා වින්ඳා. ඒ නිසා මට ගොඩක් අයව දැනුම්වත් කරන්න මගේ කෑදරකමක් තිබුණා. ඇත්තටම මම සුවපත් වෙලා අවුරුදු දෙකකට වැඩි කාලයක් හිටියා. හැබැයි මම දිගටම පරීක්ෂණවලට භාජනය වුණා. 2022 දෙසැම්බර් දෝණි ගියා පිටරකට, අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන්. 2023 ජනවාරි මුල තමයි මම දැනගත්තෙ ආයෙම මම රෝගී වෙලා කියලා. දුව යද්දි දන්නෙත් නෑ. කරන්න දෙයක් නෑ. මගෙ සැමියා මගේ ළඟ ඉන්නවා. වෛද්‍යවරුන් පටන් ගත්තා කිමෝ දෙන්න. රටේ මේ දවස්වල අපි වගේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ නෑ, පිටින් ගන්න වෙනවා ඉතින්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: