hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 මාර්තු 22, පෙ.ව. 4:35



අසනීපව ප්‍රතිකාර ලබමින් පසුවන ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආධාර ලබාදීමේ සිදුවීමක් පසුගියදා වාර්තා වූ අතර ඉන් පසු එම සංසිද්ධිය ගැන තරමක ආවේගාත්මක ප්‍රකාශයක් කර තිබුනේ සමාජ මාධ්‍ය පුවත් මවන්නියක වන පියුමි හංසමාලීයි.

ඇය මේ කාලයේ ධනවතියක හා අන් අයට උදව් කරන්නියක ලෙස පෙනී සිටින අතර ඇය චෝදනා කර තිබුනේ සුසන්තා හා සැමියා උදව් කරන අදහසින් දුන් ඇයගේ ඇමතුම් මගහැර ක්‍රියා කළ බවත් දේශපාලකයෙකු පිම්බීමට පටු අරමුණකින් සිටි බවත්ය.

තවත් කිසිම කලාකරුවෙකුට උදව් නොකරන බවද පියුමි කියා තිබුණා.

සුසන්තා මහත්මිය සමග යූටියුබ් ඔස්සේ සම්මුඛ සාකච්ඡාවක් කළ සුදත්ත තිලකසිරිට සුසන්තා මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

“ඇත්තටම මට එයාට ඒ දරුවා කියලා කියන්න පුළුවන් මොකද එයත් මගේ ළමයගේ වයස නිසා.ඇත්තටම මේ දරුවා මොන අදහසකින් එහෙම කිව්වද දන්නේ නැහැ.එයා කවදාවත් මට නම් දුරකථන ඇමතුමක් දුන්නෙත් නැහැ.මම එයා කවදාවත් පෞද්ගලිකව දැකලත් නෑ හම්බ වෙලත් නෑ. මට දුක හිතුනා මම වගේ කෙනෙක්ට එහෙම කියපු එකට.මම ක්ෂේත්‍රයේදී වත් කවදාවත් කෙනෙක්ගෙන් වචනයක් අහපු නැති කෙනෙක්.මගේ දරුවත් එහෙමයි.අපි මහා ලොකු සල්ලිකාරයෝ නොවුනට කාන්තාවක් තුළ තියෙන්න ඕනි ඒ අභිමානය අපේ තුළ තියෙනවා. අනේ ඒකට නම් හානි කරන්න එපා කවුරුත්. ඔයාලගේ දේවල් ඔයාලා කරගෙන යන්න.”
(මෙම පිළිතුර පියුමි ගැන වුවත් පියුමිගේ නම සඳහන් වූයේ නැත)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: