hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 23, පෙ.ව. 12:03



මේ දිනවල පවතින ආර්ථික තත්වයත් එක්ක අසරණ ජනතාව එක වේලක් කන එක ගැන පවා සිටින්නේ  කල්පනාවෙන්.

මොකද ඒ තරමටම බඩු මිල වැඩි වීම නිසත් හම්බ කරන මිල මුදල් ආහාර සඳහා වියදම් කරන්නත් ඉතාමත් අපහසු වී තිබෙනවා.ඉතින් මේ නිසාම හරි අපූරු වැඩක් පටන් අරන් තියෙන්නේ පංසලකින්.සාමාන්‍යයෙන් අපි පංසලට දානේ උයාගෙන යන එක සාමාන්‍යයිනේ.හැබැයි පවතින ආර්ථික තත්වයත් එක්ක පංසලෙන් කෑම වේලක් ලබා දෙන්න තීරණය කරලා.ඒ කෝට්ටේ ශ්‍රී නාග විහාරය තමයි මේ පුන්‍ය වූ කටයුත්ත ආරම්භ කරලා තියෙන්නෙ.ජාති ආගම් භේදයකින් තොරව රසම රස බත් කටකින් බඩපුරවාගෙන යන්න මේ අපූරු දංසල ලබා දෙන්නේ පංසලේ ලොකු ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන්.මේ ඒ ගැන තබා තිබූ සටහනක්.
“…….පන්සලේ දන්සල සෑම සිකුරාදාකම………

දවල් 12/30 සිට 13/30 දක්වා
ශ්‍රී නාග විහාරය කෝට්ටේ.
ආර්ථිකය අපහසුතාවයන් ඇති අසරණ දුප්පත් හැමොටම ආහාර ගන්න සතියේ සෑම සිකුරාදා දිනකම විවෘතව ඇති පංසලෙ දංසල.
ජාති ,ආගම්,කුල,දේශපාලනය ඒ කිසි දේකින් තොරව ඕනම අසරණ අයෙක්ට කුස පිරෙන්න පිරිසිදු ආහාර වේළක් ලබාදෙන ඒ පිංවත් ස්වාමින් වහන්සටත් සහ ඒ සදහා උදවු උපකාර කල සියලු මහත්ම මහත්මීන්ටත් බොහෝ පිණ අත්වේවා!!
පතනා බෝධියකින් සසර දුකෙන් මිදෙන්නට ඒ පිං උපකාරයක් වෙත්වා…

කැමති අය මෙම පුණ්‍ය කර්මයට දායක වෙන්න..
අනිත් අය කැමතිනම් අසරණ අයගෙ නෙත ගැටිම පිණිස මෙම පනිවිඩය මිතුරන් අතරේ බෙදාගන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: