hit counter

2023 දෙසැම්‍බර් මස 08 වන සිකුරාදා

2023 අගෝස්‍තු 31, පෙ.ව. 10:28



හැවිරිදි දරුවෙක් සිටින මව්පිය යුවළක් පැවිදිවීමේ සිදුවීමක් පදනම් කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල විවිධ තොරතුරු හුවමාරු වෙනවා.

වත්සලා දුෂ්මන්ති ගිහිකළ වෘත්තියෙන් ගුරුවරියක් වන අතර ඇය සිය සැමියා සමඟ සසුන්ගතවී තිබුණේ මීට පෙර සසුන්ගත වී සිටි ගිහිකළ ඇගේ සහෝදරයා වන මැදවච්චිය ඇටඹගස්කඩ ඇටවීරගොල්ලෑවේ ගෝසිංග වන අරණේ සේනාසනාධිපති පූජ්‍ය කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමියන්ගේ මඟපෙන්වීම අනුවයි.

ඔවුන් සසුන්ගත වූ දින වත්සලාගේ මව එසේත් නැත්නම් ගෝසිංග සේනාසනාධිපති හිමියන්ගේ ගිහිකළ මවත් එදිනම සසුන්ගත වී තිබුණා.

මේ පිළිබදව සමාජ මාධ්‍ය ජාලවල විවිධ තොරතුරු හුවමාරු වීමත් සමග ගෝසිංග සේනාසනාධිපති පූජ්‍ය කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමිමෙලෙස අදහස් පල කළා.

“නැගණියගේ පුංචි දරුවා අවුරුදු 4ක් වෙන්නේ ඉතින් ඒ දරුවාද මෙහෙණවර වාසය කරනවා. ඒ දරුවා පැවිදි දිවියට පත්වෙන්න සුදුසු විදිහට නැත්නම් සිල් රැකගන්න විකාල භෝජන ශික්ෂාපදය විශේෂයෙන්ම රැකගන්න පුළුවන් විදිහට හුරුකිරීම් කරනවා. අනතුරුව ඒ දරුවා ඉතා කැමැත්තෙන් ඉන්නවා පැවිදි වෙන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: