hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූනි 16, ප.ව. 4:49



තිළිණි ප්‍රියමාලි කියන්නෙ පහුගිය කාලය තුල වැඩිපුරම කතබහට ලක්වුණු කාන්තාවක්.

ඇයට චෝදනා කිහිපයක් නිසා සිරගත වන්නට සිදු වුන අතර නැවතත් ඇය නිදහස් වුණා.

ඇය ගැන නැවතත් කතා බහට ලක් වීමට හේතු වූයේ ඇය නැවතත් විවාහ වූ බවට පැතිරෙන කතාබහත් සමඟයි.

ඇය ඒ බව ඇගේ ෆේස්බුක් පිටුවෙන්ද තහවුරු කර තිබුණා.

කෙසේ හෝ ඇයගේ ජීවිත කතාව සම්බන්ධව සිනමාපටයක් කිරීමටද සූදානමක් පවතින බවටද පැවසෙනවා.

මේ ඇය තැබූ සටහනක්.

“අපි එක එක කාලවලදි අපිට මුනගැහෙන අය එක්ක ආදරෙන් බැ‍දෙනවා. ඒත් කාලයත් එක්ක අපිට තේරුම් යනවා වැරදීමක් සිද්ද වෙලා කියල. හැබැයි එක වෙලාවක අපිට හරියටම දැනෙනවා මේ තමයි අපි ආදරය කරන කෙනා කියල. ඒක මෙච්චර කාලයක් දැනුනා වගේ ආදරයක් නෙමෙයි. ඒ බැඳීම අපිට හදවතින්ම දැනෙනවා. කිසි දවසක හැර යා නොහැකි ප්‍රේමයක් කියල දැනෙනවා. ඒ ආදරේ මුනගැහෙන කල් ගොඩක් කල් බලන් ඉන්න වෙනවා තමයි. ඒත් කවදාම හරි දවසක ඒ සැබෑ ආදරය අපිට හම්බුවෙනවා. කොයිතරම් කරදර මැද වුනත් ඔලුව කෙලින් තියාගෙන ඉන්න ඒ ආදරේ හයියක් වෙනවා. අපි ආදරේ කරන්න ඕන අපිව ශක්තිමත් කරන කෙනෙකුට. ජීවිතේ අපිව තව තවත් දුර්වල කරන කෙනෙකුට නෙමෙයි. ඒ වගේ ආදරයක් අඳුරු කාල තරණය කරන්න අපිට මග පෙන්වනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: