hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:07



තිළිණි ප්‍රියමාලි කියන්නේ පසුගිය කාලයේ සමාජ මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක පුවත් මැව් චරිතයක්.

ඇයට ප්‍රකෝටිපතියන් රවටමින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ අතර බන්ධනාගාර ගත වීමටද සිදු වුණා.

ඇප මත නිදහස් වීමෙන් පසු තිළිණි ප්‍රියමාලි පසුගියදා යූටියුබ් නාලිකා කිහිපයකටම සම්මුඛ සාකච්ඡා ලබා දී තිබුණා.

එලෙස වැඩසටහනකට සහභාගී වී තිබුනේ කාලයකට පසුවයි.

එහි දී ඇය ප්‍රකාශ කර තිබුනේ ඇයට මේ වෙද්දි නඩු 9යක් පමන තිබෙන බවයි.

“මම ගැන කිව්වොත් මම අතුරුගිරියේ ඉන්නේ. මම කලුතර වඩුකාර්මිකයෙක්ගේ දරුවන්ගෙන් තුන් වෙනියා. හරිම අහිංසක කෙනෙක් මම. අපි හරි දුප්පත්. ඒ දුප්පත්කම නිසාම මට කරපු කෙනහිලිකම්  අදටත් හොඳට මතක‍යි. මම පොඩි කාලයේ ඉඳල තේරුම් ගත්ත දෙයක් තමයි අපි දුප්පත් නිසා තමයි අපිට අඩු සැලකිලි කියන එක. මම නැගිට්ටා.. ඒ නැගිටලත් මම කලේ අපි ඒ කාලේ හිටියා වගේ ඉන්න මිනිස්සුන්ට උදව් කරපු එක. මම හිත හොඳ ධෛර්යවන්ත ගැහැනියක්. මට පිටිපස්සෙන් පිහියෙන් ඇන්නත් පලි ගන්න යන්නේ නෑ.. ඒ තුවාල වලට මමම බෙහෙත් දාගන්නවා මිසක්. මම කතාවට දක්ෂයි. මම කතාවෙන් මිනිස්සු ඇල්ලුවා කියලා චෝදනාවක් කලා. ඒක පාවිච්චි ක‍රලා මිනිස්සු මුලා කලා නම් මෙලහකට රටෙන් බාගයක් අරගෙන. මට නඩු 9ක් තියෙනවා. ඒත් මම වංචාකාරිණියක් නෙවෙයි. මට ආව ප්‍රශ්නවලට මම ඇඬුවා නම් මෙලහකට මිනිස්සු මාව පාපිස්සකට අරන්. මම මට ප්‍රශ්න ආව හැම වෙලාවකම ඒ ප්‍රශ්නවලට කලබල වෙලා උත්තර හෙවුවේ නැහැ. පුළුවන් තරම් නිස්කලංකව තමයි මම ප්‍රශ්න විසඳගන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: