hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:07



බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.

ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.

ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් නිරූපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.

එහෙම මෙරට දැවැන්තම නිරූපණ පාඨමාලාවෙහි ගුරු භූමිකාව හොබවන ඇය සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එකතු කර තිබුණා. 

ඈට මේ මොහොතෙත් සමාජ මාධ්‍ය ඇතුළතින් විරෝධය එල්ල වෙනවා.

පසුගිය දවසක ඈ සම්මුඛ සාකච්ඡාවකදී කරපු ප්‍රකාශයක් නැවත වතාවක් කතාබහට ලක්වෙන්න අරන්.

‘මට ඒලෙවල් වලට හීනයක් තිබුණා ජීව විද්‍යා අංශයෙන් මෙඩිසින් කරන්න. හැබැයි මට මොකද්දෝ එක්කෝ වාසනාවකට, නැත්තම් අවාසනාවකට… දැන් මට දැනෙනවා ඒක වාසනාවක් කියලා. ඒ කාලේ මට දැණුනේ අවාසානවන්ත එකක් විදිහ‌ට. මට මෙඩිසින් යන්න ලකුණු පුංචි ගාණක් මදි වුණා. දශම ගාණක්.. මම වැටුණේ නෑ. මට අදටත් සතුටුයි මගේ යාලුවෝ තාම කට්ට කනවා, ලෝන් එකක් ගන්නවත් විදිහක් නැතුව..’

‘නිරූපණ ශිල්පිනියක් විදිහට මම කාන්තාවක් විදිහට යන්න පුළුවන් ඉහළම තැනට ගියා. අධ්‍යාපනය කියන්නෙ පොතේ පතේ දැනුමම නෙවෙයි. ක්ෂේත්‍රයේ දැනුම..’

වැරදි වැඩ නොකර මොඩ්ලින් වලින් සල්ලි හොයපු හැටිත් ඇය බොහෝම ආඩම්බරයෙන් කියලා තිබුණා.

‘ගොඩක් අය හිතන්නෙ මම මේ සල්ලි හෙවුවේ වැරදි කරලා කියලා. හැබැයි මේ ඔක්කොම මොඩ්ලින් සල්ලි…’

ත්‍රිකලා දුර දිග නොහිතා හරි, හිතාමතා හරි කියපු වචන බොහෝමයක් උනුන්ගේ හිත් රිද්දවලා තිබුණා.

‘ඈත ගම්වලින් ඇවිත් අධ්‍යාපනය නිසාම ජීවිතේ ගොඩ දා ගත්ත, තමන්ගේ පවුලේ ජීවන තත්වය උසස් කර ගත්ත අය මම ඕනෑ තරම් දැකලා තියෙනවා. ඒ වගේම රෝගියෙක් ගේ ජීවිතය බේරගෙන වෛද්‍යවරයෙක් ලබන සතුට, තමන් උගන්වපු දරුවෙක් විභාගයක් සමත් වුණාම ගුරුවරයෙක් ලබන සතුට මුදල් වලින් මිල කරන්න බැහැ. ඔයා කැමති වෛද්‍යවරයෙක් වෙන්න නම්, ගුරුවරයෙක් වෙන්න නම්, ඉන්ජිනේරුවෙක් හෝ වෙන මොනයම් හෝ වෘත්තිකයෙක් වෙන්න නම් හොඳට ඉගෙන ගන්න. උපාධිය සම්පූර්ණ කරන්න. මාස්ටර්ස් කරන්න. එතනින් එහාට ආචාර්ය උපාධියක් කරන්න. තමන්ට අධ්‍යාපනය පැත්තෙන් දෙයක් කර ගන්න බැරි වුණ නිසා ඇරියස් කවර් කරන මිනිසුන්ට ඇහුම්කන් දෙන්න එපා. සාර්ථකත්වය කියන්නේ මුදල්ම නෙමෙයි. සතුට, මානසික නිදහස, සමාජයට කරන්න පුලුවන් යහපත් බලපෑම, යහපත් සෞඛ්‍යයමත් දිවි පැවත්ම වගේ දේවල් ගොඩක් එකතුවක්. 

ඒ අතරතුර ‘මධුරගේ සටහනට’ ප්‍රතිචාර දැක්වූ බොහෝ ‘අනුගාමීකයින්’ සඳහන් කරන විදිහට ‘ත්‍රිකලා’ මේ කියන්නෙ බොරුවක්.

ඡායාරූප සමාජ මාධ්‍ය

A 1 c 1 s1 ට මෙඩිකල් කොලේජ් එකේ පියන්ටවත් යන්න බෑ කලුතරින්… ඡායාරූප සමාජ මාධ්‍ය

‘මෙයාට මතක නෑ. මෙයා එක්ක එක පංතියේ හිටපු අය facebook ඉන්නවා කියලා… A 1 c 1 s1 ට මෙඩිකල් කොලේජ් එකේ පියන්ටවත් යන්න බෑ කලුතරින්….’ 

‘මේ ගෑනි බොරැ කියන්නේ යකෝ.!එක පාරක් air hostess කෙනෙක් කියලත් කිවුවා.දැන් doctor ලු.’ 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: