hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 19, ප.ව. 5:27



ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින – 2024 ( Queen of the World – 2024 ) තරගාවලිය සදහා ප්‍රථම වතාවට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා තුෂාරි ජයකොඩි මහත්මිය අද (19) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

මෙම තරගාවලිය ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එළඹෙන 04/21 දින සිට 04/25 දින දක්වා ලෝකයේ රටවල් 33 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

තුෂාරි ජයකොඩි මහත්මිය පසුගිය දා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ වයස අවුරුදු 50 ට වැඩි කාණ්ඩයේ තරගයෙන් ජයග්‍රහණය හිමි  කරගෙන  මෙම තරගාවලියට ඉදිරිපත් වීම සදහා සුදුසුකම් ලැබුවා.

තුෂාරි ජයකොඩි මහත්මිය මීගමුව ප්‍රදේශයේ පදිංචි තිදරු මවක වන අතර ඇය මැලේසියානු ගුවන් සේවයේ සේවිකාවක ලෙස සේවය කරමින් සිටින්නියක්.

ඇය මෙම තරගාවලියට සහභාගී වීම සදහා 04/19 දින පස්වරු 08.10 ට කටුනායක ගුවන් තොටුපොළෙන් දෝහා බලා පිටත්ව යන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: