hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 01, පෙ.ව. 1:37



උදාරි චමිලා වර්ණකුලසූරිය දක්ෂ රංගන ශිල්පිනියක්.

සිංහල සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍යය තුලින්ද ඇගේ රංගනය අපට දැකගැනීමට පුලුවනි.

ඇය රග පෑ බොද මීදුම් ටෙලි නාට්‍යය මගින් ඇය බොහෝ ප්‍රසිද්ධියට පත් වුනා.

නමුත් දැන් ඇය රංගන ජිවිතයෙන් ඈත් වී අයිස්ලන්තයේ ජිවත් වන බව අපට දැනගන්නට ලැබුනා.

සුජිත් ඉන්දීවර විජේරත්න වන ඇයගේ සැමියා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්.

මොවුන් දෙදෙනාට එක් දියනියක් සිටින අතර ඇය නමින් ෂෙනාරියා උමේලි.

උදාරි 2007 ලෝක රූ රැජින තරගය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වන ලදී එම අවස්ථාවෙහිදී, ඇය මිස් ටැලන්ට්, මිස් ජනප්‍රිය සහ මිස් ක්ලෙයාර්නස් ෆේස් ඇතුළු බොහෝ කාණ්ඩ රැසක්ම දිනා ගත්තා.

සිනමාව හා නාට්‍යය කලාවට පිවිසීමට පෙර ඇය හොල්සිම් සහ නෙස්ලේ වැනි බොහෝ රූපවාහිනී වෙළඳ දැන්වීම්වල හා මියුසික් වීඩියෝවල අපට දැකගන්නට ලැබුනා.

වයස අවුරුදු 21 දී ඇය උදයකාන්ත වර්ණසුරියගේ පායා එන හිරු සේ චිත්‍රපටය හරහා සිනමාවට අවතීර්ණ වුණා.

මෙම හැකියාවන් නිසාම ඇයට පසුගියදා පැවති රයිගම් ටෙලීස් සම්මාන උළලේදී ජනප්‍රිය නිළිය සම්මානයද හිමි කර ගත්තා.

උදාරි විවාහ වී සිටින්නේ වෛද්‍යවරයෙක් සමඟ බව කවුරුත් දන්නා කියන දෙයක්.

උදාරි සමඟ රඟපෑ ජැක්සන් ඇන්තනී මහතා අද සිටින්නෙ රෝගී ඇඳකයි. මුලින්ම ඒ නිර්මාණය පුළුල් තිරයේ දකිද්දි ඔහු ළඟ නැති අඩුව උදාරිට අනිවාර්යෙන්ම දැනෙන්න ඇති? යන්න පිළිබඳව සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් ඇය මෙසේ සඳහන් කළා.

“ඔව්.. චිත්‍රපටය මුලින්ම දකිද්දි ඒ දැනෙන සතුට අපි කාටවත් හදවතින්ම විඳින්න බැරි වුණා. ජැක්සන් ඇන්තනී මහතා නැති අඩුව අපිට තදින්ම දැනුණා. අද මේ මොහොතේ ඒ නිර්මාණය ගැන අපි කතා කරන හැම වචනයකටම වඩා ඔහුගේ මුවින් පිටවන හැම වචනයක්ම අති දැවැන්තයි. ජැක්සන් ඇන්තනී මහතා නැතිව බලපු චිත්‍රපටය මංගල දර්ශනයක් විදිහට මම දකින්නෙ නෑ. ඒක හරියට මනමාලයා නැති මඟුල් ගෙයක් වගෙයි. ඔහුට ඉදිරියට දැවැන්ත වැඩ කොටසක් තියෙනවා. ඔහුගේ චිත්‍රපට රුසක් එන්න තියෙනවා. ඒ නිසා ඉක්මනට ආයෙත් නැගිටලා මේ කටයුතු කරන්න හැකිවේවා යැයි මම හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: