hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 4:29



උදයන්ති කුලතුංග පසුගිය කාලයේ විශිෂ්ඨ නිර්මාණ හරහා කතා බහට ලක් වුණ චරිතයක්.

නිතර නිතර නිර්මාණ තුල දකින්න නොලැබෙන ඇය ලැබෙන හොඳම නිර්මානයට සිය හොඳම රංගන දායකත්වය ලබා දෙන නිලියක්.

මේ දිනවල සමාජ ජාලා තුල කතා බහට ලක් වන්නේ ඇය තබා තිබූ සටහනක් සහ ඡායාරූප කිහිපයක් සම්බන්ධවයි.

ඈ ඇත්තටම කසාවතක් දරන්නවත් නුසුදුසු කෙනෙක්ද?

මේ ලෝකෙ ලොකුම වරදකාරියද?

මිනිස්සු කියන විදිහට නරකම ඇයද?

ඒත්….

ඈ කියන කතාවටවත් ඇහුම්කන් නොදී ඉන්න තරම් මිනිස්සු අකාරුණිකද?

‘කාරුණික ඉල්ලීම …මේවා බොහෝදුරට ඔවුන්ගේ නෙත ගැටෙන්නට ඉඩ තියෙනවා…ඔවුන්ට සතුටුවෙන්න පුලුවන් විධියට කමෙන්ට් කරන්න….ගුණවන්ත මිනිසුන් විධියට කටයුතු කරමු…අපේම එකුසෙ උපන් අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි මෙහෙම සතුටුදායක අත්දැකීමක් විදිද්දි අපි කොහොම කමෙන්ට් කරාවිද…..ඒ නිසාඔවුන්ට සතුට උපදින සෙත් පතන්න…’ ( ඇගේ විවාහය දා ලැබුණු කමෙන්ට් එකකි)

‘ඒ පිරිමියාගේ ජීවිතේ අවසාන කාලයේ කාලකණ්ණිකම සහ ඔහුගේ පවුල අභ්‍යන්තරයේ සැබෑ පසුබිම ගැනත් ටිකක් හොයලා බලන්න කියලා. එහෙම කළා නම් මෙතන ගෑනියෙක්ගේ වෙඩින් ෆොටෝ එක යටින් අර වගේ සිදුවීමක් තලු මරන්න පුළුවන් වුණ තමන්ගේ අවුල තියෙන්නේ කොතනද කියලා තේරිලා ගෙදර දුවන්නත් බැරි නැහැ, පන්සලේ හාමුදුරුවෝ ගේ අස්සෙ රිංගගෙනද කියන සැකේට.’  (සහන් කසීරගේ කමෙන්ටුවක්)

‘රහත් වුන එවුන් බොහොමයක් කමෙන්ට් කරලා.උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ කැරැට්ටුව අපිට පේන්නෙ නෑ කියලා.හැබැයි උන්ටත් හොඳට මතකයි කෑම එකේ තිබුණ එළවළු මාලු වල ඉඳලා.කෙටියෙන් කියනවනම් මහම කුහක හැත්තක් උඹලා.’ (තවත් කමෙන්ටුවක්)

මේ උදයන්තිගේ වරදම නෙවෙයි.

උදයන්ති හිතමතා කරපු දේකුත් නෙවෙයි.

ඈට මඩ ගහන, අවලාද නඟන කවුරුත්ම ඇගේ ජීවිතේ ඒ තැන් පහුකරන් ආව විදිහ නොදන්නවා ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: