hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2024 ජූනි 17, පෙ.ව. 12:00



ඔහු පසුගිය කාලයේ ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක්වුණ චරිතයක් වුණා.

ඒ රංගනය නිසා නම් නෙවෙයි.

ඔහු දේශපාලනයත් ඈඳාගෙන සැබෑ ජීවිතයේ කළ කී රංගනය නිසයි.

රංගන ශිල්පී, හිටපු පා. ම. උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමගේ අවිය සහ සොයාගත් උණ්ඩ ගැන නොපමාව රස පරීක්ෂක වාර්තා කැඳවන ලෙස, අධිකරණයෙන් CID යට නියෝග කර තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනය ඉලක්ක කරගෙන පසුගිය වසරේ සිදුවූ වෙඩි තැබීමට ඔහුගේද සම්බන්ධතාවක් ඇතිව සැලසුම් කළ බව හෙළිවී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සහකාර පොලිස් අධිකාරිවරයා මැලේසියාව වෙත පලා ගොස් සිටින බවත්, ඔහුව ජාත්‍යන්තර පොලීසියේ සහය ඇතිව ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගනිමින් සිටින බවත් සඳහන්.

මොහු පොලිස් රාජකාරීන්හි පටිපාටින්ට පරිබාහිරව හොර රහසේ රටින් පිටව ගොස් ඇති අතර, එහිදී පොලිසිය විසින් ඔහුට නිකුත් කර තිබූ රාජකාරී ගිනි අවිය වෙනත් අයෙකු මාර්ගයෙන් නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට බාර දී තිබෙනවා.

එමෙන්ම හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම සැළසුම් සහගතව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණ වී ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා පසුගිය 12 වනදා මැලේසියාවට පිටත්ව ගොස් ඇති බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කර තිබුණා.
.
එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරීවරයා ගුවන් තොටුපලේදී සිය හිතවතෙකු වෙත රාජකාරි ගිනි අවිය යළි භාරදෙන ලෙස පවසා ලබාදී ඇති අතර, එලෙස රාජකාරි ගිනි අවිය අන්සතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.. මෙම කරුණු සියල්ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා කර තිබෙනවා.

පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරය එල්ලවූයේ අනුරාධපුරයේ පිහිටි ඔහුට අයත් නිවස ආසන්නයේදියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: