hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 07, පෙ.ව. 12:01



උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.

හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.

ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.

ඉතින් බොහෝ දෙනෙකුට තිබුණු ප්‍රශ්නයක් තමයි උමාලිට මොකද වෙන්නේ කියලා.

කොහොම හරි උමාලි තිලකරත්න විවාහා ගිවිසගෙන තියෙනවා.

හැමෝම හිතුවා ගෙවින් – උමාලි දෙන්නත් එක්ක ප්‍රේම චාරිකාවක් පටන් අරන් බව.

බොහෝ අය සුබපැතුම් එක්කාසු කර තිබුණා වගේම වයස් පරතරය වැනි කාරණා මත එය විවේචනය කරන්නත් පිරිසක් කටයුතු කර තිබුණා.

මේ දෙන්නා අතර ආදර සම්බන්ධතාවයක් තියනවාද? විවාහ ගිවිසගෙනද?

ගොඩක් දෙනෙක් ඒ දේවල් ගැන කතා බහ කළා.

අන්න ඒ බහුතර මතය හැබෑවක් කරමිනුයි ගෙවින්ගේ මිණිනේත්‍රනී එළියට ආවේ.

කොහොම නමුත් ගෙවින් – උමාලි එකතුව කෙතරම් සොඳුරු එකක් ද යන්න පිළිබඳව ලියවුණු සටහන් සෑහෙන්න.

ගීතයට ලියවිලා තිබුණු ඇතැම් විචාර අතරත්, ඒ ප්‍රේමය ගැන සඳහන්ව තිබුණු තැන් දකින්න ලැබුණා.

පහතින් දැක්වෙන්නේත් “මිණිනේත්‍රනී” නිර්මාණාත්මක වෑයම ගැන ලියවුණු එවන් ආදරණීය සටහනක්….

”සිහිනෙක බැඳි සේයාවී පාවී

නුපුරුදු සිත සනසාවී යාවී

මිණිනේත්‍රනී ඈ මගේ….

ආදරයට කළ නොහැක්කක් නොමැත…

කෙනෙක්ගේ Mood swings කියන එක තප්පර දශම ගානකදි වෙන්න පුළුවන් දෙයක්.

විශේශයෙන්ම සංවේදී ගෑණියක් කියන්නේ තමන්ගේ සිතුවිලි බර වැඩි තැන් වලදී හරිම වේගයෙන් හිත එහා මෙහා වෙන කෙනෙක්.

කෙනෙක්ට ගෙවල් ළඟ හංදියට ගිහින් එන්න Make up ටිකක් නැතිව බැරි වෙද්දී තව කෙනෙක්ට තමන්ගේ කසාඳේ දවසට Make up දාන එක කරදරයක් වෙන්න පුළුවන්.

තමන් මුළු හදවතින්ම ප්‍රේමකරන මනුස්සයා එක්ක එක වහළක් යටට යන්න , ඒ මනුස්සය එක්ක ජීවිතේම බෙදාගන්න තීරණය කරන ගැහැණියකට සමාජීය ක්‍රමය යටතේ කසාඳයක අවශ්‍යතාවය ඇති උනාට, කසාඳයක් තුළ තියන විච්චූරණයන් සිදුකරන්න සිදු උනාට , මුදු හුවමාරුවක් පමණක් ඇතැයි යැයි යන හැඟීම අවසාන මොහොතේ හෝ සිතීම සමහරක්විට නතර කරගැනීමට නොහැකි වෙන්න පුළුවන්.

ඝෝශාකාරී,වර්ණිත වටපිටාවෙන් මිදී හිත ගත නිදහස් තැනකට දිවයාමට සිතීම සමහරක්විට නතර කරගැනීමට නොහැකිවන්න පුළුවන්.

ඉතින් වැදගත්ම දේ අන්කිසිවක් නොව තමන්ගේ සිතුවිල්ල පැවසූ විට ඇහුම්කන් දෙන පිරිමියකු ඒ ගැහැණිය විසින් තෝරාගෙන තිබීමයි.

දෙවරක් ප්‍රශ්න නොකොට තමාට ප්‍රේමය කියාදුන් ගැහැණියගේ සිතුවිලි වලට එකඟව ඇය සනසන පිරිමි සිතක් ඇය සොයාගෙන තිබීමයි.

දිව්‍ය ප්‍රේමය උපද්දනා ඇයව තේරුම්ගත් පිරිමියෙක්

අන් කිසිවෙකුට හෝ කිසිවකට වඩා සිතෙහි පවතින සාමය වැදගත් යන්න තේරුම්ගත් ගැහැණියක් එකතුව ප්‍රේමයට කළ නොහැක්කක් නොමැතිය යන්න මේ ගීතයෙන් කියාදෙනු ඇත…

අන්තිමට තව එක දෙයක් සමහර යාලුවෝ ඉන්නවා අපි මොන බුල කෙලියත් මොන පිස්සුවක් කලත් මොන විදියේ වැඩක් කලත් අපි ව අත අරින්නෙ නැති.

එහෙම ජාතියේ යාලුවා තමයි මුද්ද අරන් අන්තිමටම Beach එකට එන්නේ…

ආදරයට කළ නොහැක්කක් නොමැත.. මිණිනේත්‍රනී

රහ වැඩක්

Irudini Umali Great work Akki

Gevin දිගටම සිංදු කියපන් මචං

Kovindu Prabhashwara





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: