hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 29, පෙ.ව. 12:01



උමාලි තිලකරන්න කියන්නේ අපේ රටේ කලාවෙ ඉන්න දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්.

ඇය විටින් විට සම්මාන රැසකට පාත්‍ර වුණු සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නමක් හදාගත්තු කලාකාරිනියක්.

ඒ වගේම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළත් ඇය තමන්ට පුළුවන් උපරිම කුසලතාවයන් එක්ක විවිධ නිර්මාණයන් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා.

කොයි කව්රුත් දන්නවනේ උමාලි කියන්නේ බොහෝ කාලයක් පෞද්ගලික ජීවිතේ සිදුවූ යම් යම් හැල හැප්පීම් නිසා තනිකඩ ජීවිතයකට හුරු වුණු කෙනෙක්.

ඒ සියලුම දේවල් එක්ක අද වෙද්දී ඇය ඉතාම සාර්ථක ජීවිතයක් ගත කරනවා.

ඒ හැමදේටම එයාට ශක්තියක් වුණේ ඇය ගාව හිටපු ආදරණීය පිරිස.

ඉතින් ජීවිතේ ගැන සහ අමාරුම කාලේ ජීවිතය ජයගත්තු විදිහ ගැන උමාලි කියලා තිබ්බෙ මේ වගේ කතාවක්.

“ගෙවන හැම දවසකම මුහුණ දෙන්න වෙන අභියෝග විවිධාකාරයි. ඒ හැම අවස්ථාවකටම සම්බුද්ධිකව මුහුණ දෙන්න තමයි මම උත්සාහ කළෙත් සහ කරන්නේත්.ගෙදරින් ඔවුන්ට තේරෙන උපරිමයෙන් ආරක්ෂාව රැකවරණය පෝෂණය හා මග පෙන්වීම මට දුන්නා. ඒ නිසා තමයි අද මම මෙහෙම ශක්තිමත්ව නැගී සිටින්නේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: