hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 30, පෙ.ව. 12:02



උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.

හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.

ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.

ඉතින් බොහෝ දෙනෙකුට තිබුණු ප්‍රශ්නයක් තමයි උමාලිට මොකද වෙන්නේ කියලා.

කොහොම හරි උමාලි තිලකරත්න විවාහා ගිවිසගෙන තියෙනවා.

හැමෝම හිතුවා ගෙවින් – උමාලි දෙන්නත් එක්ක ප්‍රේම චාරිකාවක් පටන් අරන් බව.

බොහෝ අය සුබපැතුම් එක්කාසු කර තිබුණා වගේම වයස් පරතරය වැනි කාරණා මත එය විවේචනය කරන්නත් පිරිසක් කටයුතු කර තිබුණා.

කොහොම නමුත් මේ නම් නිර්මාණ ප්‍රවර්ධන කටයුත්තක් ම බව සැක කළ බොහෝදෙනා, අළුත් වැඩේ එළියට එනකල් බලාගෙන උන්නා.

කවුරුත් වැරදි නෑ !

”ජීවිතයේ නව ඇරඹුමක්…

ආදරයට කල නොහැක්කක් නොමැත…” කියලා මෙහෙම ඡායාරූපයක් සමාජගත කළාම කවුද සැක නොකරන්නේ නේද?

ගෙවින් සහ උමාලි දෙන්නම මේ පෝස්ටුව පළකර තිබීමත් විශේෂ කාරණයක් වුණා.

හැලහැප්පීම් මැද ගෙවුණු උමාලිගේ අතීතයේ සමහර තැන් නිසාම ඇයට ආදරේ කරන කවුරුත් හරි විමසිලිමත් ඇයගේ ප්‍රේමයේ නවතැන ගැන දැනගන්න.

ඒ වගේම නව පරපුරේ නැඟී එන කඩවසම් තරුවක් නිසාම ගෙවින්ගේ හිත නතර වන තැන ගැනත් කවුරුත් උනන්දුයි.

ඔන්න ඔය හේතු කාරණා තමයි මේ ෆොටෝව සහ සටහන මෙච්චර දුරක් අරන් ගියේ.

කොහොම නමුත් හැමෝගෙම හිත්වල කුතුහලය බිඳිමින් “මිණිනේත්‍රනී” එළියට ඇවිත්.

ඔව්… ගෙවින්ගේ කුළුඳුල් ගීතය.

”ස්වප්න යායම කලම්බනා

සෞම්‍යවන්තිය නිවර්තනා

නිවුනා මනසින් ඈ මතක් වෙලා

මාගෙ ලෝකය විමර්ශනා

දිව්‍ය ප්‍රේමය උපද්දනා

පුදමී නටුවෙන් මා මලක් නෙලා

වෙලී මිහිදුම් මාරුතේ

පියා සලා යමු මාවතේ

මේ සෘතුවයි ආදරේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: