hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 ජනවාරි 15, ප.ව. 5:37



ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් අත්කරගත් ඉන්දියාව ඉරිදා ඉන්දෝර්හිදී තරගමාලාවේ ජය තහවුරු කළා.

හොල්කාර් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදි ඇෆ්ගනිස්තානය ලකුණු 172කට දැවී ගිය අතර, යෂස්වි ජයිස්වාල් සහ ශිවම් ඩුබේගේ අර්ධ ශතක හේතුවෙන් ඉන්දියාවට තවත් පන්දු 26ක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා.

මේ අතරම මෙම තරගයේදී විරාත් කෝලිට හරි අපූරූ සිදුවීමක් සිදු වුණා.

ඒ ප්‍රේක්ෂකයෙක් ක්‍රීඩා පිටියට අනවසරයෙන් පැමිණ විරාත්ව වැළඳ ගැනීමට උත්සාහ කිරීමයි.

විරාත්ගේ දෙපා ස්පර්ශ කර ඔහුව වැළඳ ගැනීමට උත්සාහ කළ අතර පසුව ඔහුව පොලිස් අත්අඩංගුවට පත්වුණා.

විරාත් කෝලි 2022 පසු ජාත්‍යන්තර 20-20 තරගයකට සහභාගී වුණේ මෙම තරගයේදියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: