2026 අප්‍රේල් 21, පෙ.ව. 12:10
ලොව ප්‍රකට ක්‍රිකට් තරුවක් වන විරාත් කෝලිගේ Instagram Like එකක් නිසා එක රැයින් ලොව පුරා කතා බහට ලක් වූ තරුණිය ලිස්ලාස් (LizLaz) ය.
ජර්මන් ජාතික influencer කෙනෙක් වන ඇය පළ කළ Post එකකට විරාත් කෝලි Like කර තිබීම සමාජ මාධ්‍යවල විශාල ප්‍රවෘත්තියක් බවට පත් වුණේ ඇයවත් නොසිතූ පරිදිය.
ඉතාම සාමාන්‍ය Like එකක Screenshots කෙටි වෙලාවකින් වේගයෙන් පැතිර ගියේ අසාමාන්‍ය ආකාරයටයි. මෙම සිදුවීම ගැන LizLaz ද මේ වන විට ඇගේ ප්‍රතිචාරය දක්වා තිබෙනවා.
මුලදී ඒ පිළිබඳ තමන්ට විශාල සතුටක් දැණුන බවත් පසුව එය අතිවිශාල කණගාටුවක් බවට පත් වූ බවයි ඇය පවසා තිබෙන්නේ.
“මට ඔහු ගැන ටිකක් කනගාටුයි. ඔහු like කරපු එකට මම සතුටු වුණා. නමුත් ඔහු ඒ Like ඉවත් කළාම, ඒක මෙච්චර ලොකු කතාවක් වෙලා තියෙන්නේ කොහොමද කියලා කල්පනා කරද්දි මට කණගාටුවක් දැනුණා.”
ඇය තවදුරටත් පැවසුවේ තමන් මේ සිදුවීම ගැන දැනගත්තේත් මාධ්‍ය වාර්තා හරහා බවයි.
එක් දිනකින් තමන් ගැන ලෝකය පුරා පුවත් පළවීම “අසාමාන්‍ය අත්දැකීමක්” බවත් ඇය සඳහන් කර තිබෙනවා.
විරාත් කෝලි තරග කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමට සහයෝගය දැක්වීමට පටන් ගත්තේ පසුගිය වසරේ ඇගේ බැංගලූර් මිතුරන් සමඟ IPL තරග බැලීමට ගිය අවස්ථාවේ බව ද ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.
2026 අප්‍රේල් 21, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:07
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:04
2026 අප්‍රේල් 19, ප.ව. 2:00
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:13
21-04-26
21-04-26
21-04-26
21-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
19-04-26
19-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26