hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 21, පෙ.ව. 11:10



2024 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රීඩක වෙන්දේසිය 19 වනදා ඩුබායිහි දී පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගව සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබෙනවා.

ඒ අමෙරිකානු ඩොලර් 181,000කටයි.

එම පැවති ක්‍රීඩක වෙන්දේසිය ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණා.

එහිදී සමාජ මාධ්‍ය තුළ කා දෙනා අතරත් වැඩි කතා බහට ලක් වුණ යුවතියක් ඉන්නවා.

ඒ ගැන මේ වන විට ඔයාලා හැමෝම දන්නවා ඇති.

ඒ තමයි  කාව්‍යා මාරන්.

ඉතිම් Sunrisers Hyderabad කණ්ඩායමේ සම හිමිකාරිනිය වන්නේ ද ඇය වන අතර ඇයගේ පියා Sun Group හිමිකරු Kalanithi Maran වෙනවා.

ඔහුට දකුණු ඉන්දියාවේ විශාල වශයෙන් මාධ්‍ය ආයතනයක් හිමියි.

ඒ වගේම ඔහුට චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ද තිබෙනවා.

කෙසේ වෙතත්, කාව්‍යා හැමෝගෙම අවධානය දිනාගන්නට සමත් වුණේ වනිඳු හසරංග මිල දී ගැනීමෙන් පසුව සතුටු වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය සංසරණය වුණ නිසා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: