hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 12, පෙ.ව. 12:06



සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවමින්, කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකුට තුවාල වු වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටැටු ආයතනයේ හිමිකරු පාපොච්චාරණයක් සිදු කළා.

පොලීසිය පවසන්නේ වසන්ත ඝාතනය වෙනුවෙන් ලොකු පැටී, දුලාන්ව ඉත්තෙක් ලෙස පාවිච්චි කර ඇතැයි විමර්ශන අනුව පෙනීයන බවයි.

‘පැටී කතා කරලා ඇහුවා ෂොප් එක දාන්න කීයක් විතර යනවද කියලා.. මං කිව්වා ලක්ෂ 10ක් 15ක් විතර යනවා කියලා… නෝමල් කෝල් ගන්නේ… වට්ස්ඇප් එකෙනුත් ගත්තා… මගෙන් ඇහුවා ඕකෙන් හම්බකරන්න පුලුවන්ද කියලා.. මම දන්න දේ මේක නිසා මම කිව්වා මට පුලුවන් කියලා සල්ලි හොයාගන්න.. පැටී ඇහුවා ‘ක්ලබ් වසන්ත’ව අඳුරනවද කියලා.. මම කිව්වා මම පොඩි කාලේ ඉඳන් ‘ක්ලබ් වසන්ත’ගේ ෆෑන් කියලා… සල්ලි දාන්නේ පැටී කියලා කියන්න එපා කිව්වා… එහෙම කිව්වොත් බයවෙයි කියලා…”

එහිදී පොලීසිය විසින් ‘දුලාන් සංජුල’ නමැති ටැටු හිමිකරුගෙන් ‘ලොකු පැටී’ නමැත්තා තර්ජනය කළාද යන්න විමසා සිටියා.”එයා කිව්වා සර් මල්ලී මම මෙච්චර ගාණක් වියදම් කරනවා.. මේක මග නම් දාලා යන්න ලෑස්ති වෙන්නෙපා.. මල්ලී මගේ හොඳ පැත්ත වගේම නරක පැත්තත් එහෙමයි කියලා..”

පොලිස් විමර්ශන අනුව බලපිටියේ මුල් පදිංචිකරුවකු වූ ටැටූ මධ්‍යස්ථාන හිමිකාර දුලාන් සන්ජුල ඩුබායි හී සිටින ලොකු පැටීව හඳුනාගෙන ඇත්තේ මහේෂ් නමැති පුද්ගලයකු මාර්ගයෙන්.

පොලිසිය පවසන්නේ ටැටූ මධ්‍යස්ථාන හිමිකාර දුලාන් සන්ජුල සහ ක්ලබ් වසන්ත පළමුවරට හමුවී ඇත්තේ සිද්ධිය වූ දිනයේ බව ඔහු කළ ප්‍රකාශ අනුව පෙනී යන බවයි.

එසේම දුලාන් නව ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට තම බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ද කැඳවාගෙන පැමිණ සිටීම නිසා ඔහු මෙවන් ඝාතන සිද්ධියක් එහි සිදුවනු ඇතැයි කලින් දැන නොසිටින්නට ඇතැයි පොලීසිය උපකල්පනය කරනවා.

මේ වනවිට ඔහුගේ බිරිඳ ද බරපතළ තුවාල ලබා රෝහල්ගතව පසුවන අතර ඔහුගේ මවට එරෙහිවද මත්කුඩු සම්බන්ධ නඩු දෙකක් දැනටත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව සදහන්.

මෙම ඝාතන සිද්ධියට අදාළව මේ වනවිට අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හය දෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊට විවිධ ආකාරයෙන් ආධාර අනුබල සැලසීමේ චෝදනා මතයි.

පොලිස් විමර්ශන අනුව ඝාතකයන් පැමිණි මෝටර් රථය දුලාන්ට ලොකු පැටීව හඳුන්වාදුන් මහේෂ් විසින් සිද්ධිය වූ දින අලුයම තුනට කඩුවෙල ගල්පොත්ත පාරට ගෙනැවිත් ඇති අතර අනතුරුව මෝටර් රථය භාරගෙන ඇත්තේ නාඳුනන පුද්ගලයකු විසින්.

ඝාතකයන් පළාගොස් අතහැර දමා තිබූ වෑන් රථය ලීසිං නොගෙවීම මත අත්පත් කරගත් රථයක් වන අතර එය මාස එකහමාරකට පෙර බෙලිඅත්තේ අයකුට භාරදී ඇත්තේ ලොකු පැටීගේ උපදෙස් මතයි.

අනතුරුව එය ඔහු භාරයේ තබාගෙන සිටීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවා ඇති අතර ඔහුට පැවරී තිබූ රාජකාරිය වී ඇත්තේ සෑම දිනකම එක් වරක් වෑන් රථය පණගන්වා එහි බැටරිය බැසීම වළක්වාගැනීමය.

මෙලෙස වාහන පහසුකම් සැලසීමට සම්බන්ධවූවන් අතර සීසර්වරයකු ද සිටින බව පොලීසිය සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: