hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:04



වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු බව කියන ලොකු පැටි නමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් තවත් දින කීපයකින් බෙලරුසියාව බලා පිටත් වීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඩුබාහි රැඳී සිටි ලොකු පැටි නැමැත්තා පසුගියදා බෙලරුස් හරහා ප්‍රංශයට පලායාමට තැත් කිරීමේදී ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණා.

ඉකුත් ජූලි 8 වැනි දින අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී සිටියදී ගිනි අවි වලින් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු විසින් ක්ලබ් වසන්ත ඝාතනය කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ලොකු පැටී නමැත්තාට චෝදනා එල්ල විය.

එම ඝාතනය කංජිපාණී ඉම්රාන් නැමැත්තාගේ උපදෙස් මත ලොකු පැටී නමැත්තාගේ සමීපතමයන් පිරිසක් විසින් සැලසුම් කර ඇති බවද, එම සැලසුම්වලට අනුව ඝාතනය සිදු කර ඇති බව ද මේ දක්වා සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: