hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:00



යුවලක් සිය මධුසමය ගතකිරීමට ඇණවුම් කර තිබූ කුලියාපිටියේ හෝටලයක , සුඛෝපභෝගී කාමරයේ යහනට මුහුණලා තිබූ දොරෙහි සෑදූ සිදුරු දෙකක්‌ තිබී හමුව තිබෙන බව වාර්තා වෙනවා. 

මේ බව අනාවරණය වී තිබෙන්නේ මදුසමය ගතකිරීමට හෝටලය මගින් තමන්ට ලබා දුන් කාමරයේ යහනට මුහුණලා දොරෙහි සිදුරු දෙකක්‌ දක්‌නට ලැබුණ බවත්, ඉන් රාත්‍රියෙහි හෝටල් සේවකයකු වීඩියෝ දසුන් ලබාගත්තා දැයි සැකයක්‌ පවතින බවත් කියමින් නව යුවළ පොලීසියට පැමිණිලි කිරීමත් සමගයි.

එම පැමිණිල්ල ලද සැණින් වහා එහි ගොස්‌ පරීක්‍ෂණ පැවැත් වූ පොලිසියට ද එම කාමරයේ දොරෙහි ඇස තබා බැලීමේදී පූර්ණ වශයෙන් යහන දිස්‌වන පරිදි සකසා තිබූ සිදුරු දෙකක්‌ දක්‌නට ලැබී ඇති අතර ඒවා කෙසේ සිදුවීද යන්න වැඩිදුර නිරීක්‍ෂණයට පොලිස්‌ අපරාධ ස්‌ථානයීය පරීක්‍ෂණ කණ්‌ඩායම්ද කැදවා තිබූ බව සදහන්.

එම නිලධාරීන් දිගින් දිගටම සිදුකළ පරීක්‍ෂණවලදී නව යුවළ නැවතී මධුසමය ගතකළ බැව් කියන අදාළ කාමරයට යාබද කාමරයේද එවැනිම ආකාරයේ සිදුරු දක්‌නට ලැබී ඇති අතර ඒ පිළිබදවද තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බව වාර්තා වෙනවා.

මේ පිළිබදව අදහස් දක්වන නව යුවළගේ ඥාතීන් පවසන්නේ දැඩි විශ්වාසයෙන් යුක්‌තව මෙම හෝටලයේ කාමරයක්‌ වෙන්කරවාගත් බවත් යම් හෙයකින් නව යුවළගේ වීඩියෝ දසුන් පටිගත කිරීමක්‌ සිදුකර ඇත්නම් දෙපළගේම අභිනවයෙන් ඇරඹි යුගදිවිය අවසන් වීමට පමණක්‌ නොව ජීවිත පවා විනාශ වීමට ඉඩ ඇති බවත් මේ පිළිබඳ බලධාරීන් වහාම පියවර ගතයුතු බවත්ය.

කෙසේ වෙතත් එම හෝටලය පාර්ශවයෙන්ද මේ පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වුනු අතර එහිදි ඔවුන් පවසා තිබුනේ කාමරය වෙන්කරවා ගැනීමට නව යුවළ අත්තිකාරම් මුදල් ගෙවා තිබුණ ද ඉතිරිය ගෙවාදැමීම වළක්‌වාගන්නට එවැනි චෝදනාවක්‌ සිදුකළ බවට සැක සහිත බවත් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: