hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 29, පෙ.ව. 12:02



යුරේනි නොශිකා පිළිබඳව පසුගිය කාල සීමාවේදී වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ ඇයට ඇමෙරිකානු රියලිටි වැඩසටහනක විනිසුරුවරියක් ලෙස එක්වීමට අවස්ථාව ලැබුණු නිසයි.

මේ රියලිටි වැඩසටහන ලෝකයේ මිලියන හැටකට එහා ජනතාවක් නරඹන වැඩසටහනක්.

ඒ කාර්ය බහුලතාවයත් එක්ක හරිම සතුටින් ජීවිතය විඳින යුරේනේ ලංකාවේ කලා කටයුතුත් එක්කත් එකතු වෙලා වැඩ කටයුතු කරනවා.

හැමදාමත් ස්වාධීනව ජීවත් වෙන්න උත්සාහ කරපු අලුත්ම විලාසිතා එක්ක කරළියට ආපු ඇය තවමත් ගත කරන්නේ තනිකඩ ජීවිතයක්.

ඇය නොයෙකුත් විවාහ උත්සවවලට සහභාගී වෙනවා. ඒ සහභාගි වෙන අවස්ථාවකදී වත් විවාහ වෙන්න ඇයට අදහසක් තිබිලා නැද්ද?

මෙන්න මේ ප්‍රශ්න හැමෝගෙම හිතේ තියෙනවා.

ඉතිං ඒ විදිහට ඒ ප්‍රශ්නෙට ඇය උත්තර දීලා තිබ්බේ මේ ආකාරයෙන්.

“මම කළ යුතු වැඩ කොටසක් තියෙනවා කෙනෙක් හමුවුනොත් අනිවාර්යෙන් විවාහය ගැන හිතාවි. එහෙම නැතුව ඒ ගැන ලතැවී ලතවී ඉන්න කෙනෙක් නෙවෙයි මම.ලංකාවේ කිසිම පිරිමි ළමයෙක් මගෙන් යාළුවෙන් අහන්නේ නෑ. ඒක තමයි ඇත්ත ඒ ගැන මගේ යාලුවන්ට කිව්වහම යාලුවොත් පුදුම වෙනවා.එහෙම ඇහුවොත් කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන් ලේසියෙන් කැමති වෙන කෙනෙකුත් නෙවෙයි මම හරිම කෙනා ලැබුණු දවසට හොඳයි කියලා හිතුනොත් දෙදෙනාට දෙදෙනාගේ ආත්මය දැනුනොත් හිත යාවි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: