2024 ජූනි 12, පෙ.ව. 12:05
28 හැවිරිදි යුවරාජ් ගෝයල්ගේ ඝාතනයට සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කැනඩාවේ සරේ ප්‍රදේශයේදී පන්ජාබ් ප්‍රාන්තයේ ලුදියානා ප්‍රදේශයේ ඉන්දියානු සම්භවයක් ඇති තරුණයෙක් වුණු යුවරාජ්, ඝාතනයට ලක්වන්නේ පසුගිය සිකුරාදායි.
ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත 2019 දී කැනඩාවට පැමිණි ඔහු මෑතකදී කැනේඩියානු ස්ථිර පදිංචිය ලබාගෙන තිබුණා.
ඔහුගේ මරණය සම්බන්ධව පරීක්ෂණ කටයුතු තවමත් සිදුවෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නෙ.
ඒ අනුව දැනට ලැබී ඇති මූලික තොරතුරුවලින් මතුව ඇති සැකය නම් මේ ඝාතනය, ‘ඉලක්කගත වෙඩි තැබීමක්’ බවයි.
මේ වෙද්දි ඝාතනයට සැකපිට 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුන් වයස අවුරුදු 20 – 23 අතර පසුවන පිරිසක් බවයි වාර්තා වන්නෙ.
නමුදු ඔහුගේ ඝාතනය පිටුපස ඇති හේතුව තවමත් විමර්ශනය වෙමින් පවතිනවා.
මෙම මරණය සම්බන්ධයෙන් යුවරාජ්ගේ මව විදෙස් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දක්වා තිබුණා.
“සිද්ධියට ටික වෙලාවකට කලින් මම එයාට කතා කළා. ඔහු උදෙන්ම ව්‍යායාම් ශාලාවේ සිට නිවසට පැමිණෙමින් සිටියේ ඔහුගේ මෝටර් රථයේ.
එතකොට මෙහෙ (ඉන්දියාවේ) රෑ වෙලා නිසා නිදාගන්න කිව්වා.කිසිවෙකුට අපට යුක්තිය ඉටු කළ හැකි යැයි මම හිතන්නේ නෑ.අපේ පුතාව කාටවත් ආපහු ගේන්න බෑ”
(උපුටා ගැනීමකි)
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24