hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2024 මාර්තු 21, පෙ.ව. 8:22


බස් අනතුරක් – පාසල් ළමුන් ඇතුළු 15ක් රෝහලට

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී මීට සුළු වේලාවකට පෙර පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය සැක පළ කරයි.

වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: