hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2025 මාර්තු 24, ප.ව. 3:57


මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 03වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදි හිටපු අමාත්‍යවරයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගත්තේය.

ඒ අනුව මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් අද (24) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මෙලෙස නියෝග කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: