hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:09


උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා වන නැවත සමීක්ෂණ කටයුතු අද (07) සිට ලබන 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුවට අයත් www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

මේ අතර නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ වන 2023 උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට අපේක්ෂිත, 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ලබන 11 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: