hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 08, ප.ව. 4:12


පාසල් වාර විභාගය ගැන ගත් තීරණය

පළාත් අධ්‍යාපන ලේකම්, දකුණු පළාතේ පාසල්වල 02වන වාර විභාගය කල් දැමූ බව ප්‍රකාශ කොට තිබෙනවා.

පවතින අයහපත් කාලගුණයත් සමඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

වාර විභාග ලබන 12 වනදා ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා(09) සහ අඟහරුවාදා(10) වසා දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් හමුවේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම තීරණය ගත් බවයි, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: