hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 26, පෙ.ව. 11:31


රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබුවා.

මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර තිබෙනවා.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද කටයුතු කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිරදඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඊයේ (25) සමාව ඉල්ලා ඇති බව වාර්තා වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: