hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 23, ප.ව. 5:13


විමල්ගේ විදෙස් ගමන් බලපත්‍ර නඩුවට දුන් තීරණය

අක්‍රීය විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් විදේශ ගත වීමට උත්සහ කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි 8 වනදා දක්වා කල් දමා තිබෙනවා.

 ඊට අදාළ නඩුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල ආරියසේන හමුවේ අද (23) කැඳ වූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී ඇති බවයි වාර්තා  වෙන්නේ.

2015 වසරේ ඔක්තොම්බර් 13 වන දින අක්‍රීය ගමන් බලපත්‍රයකින් විදේශ ගත වීමට උත්සාහ කර ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: