hit counter

2026 ජනවාරි මස 03 වන සෙනසුරාදා

2023 ජූලි 27, ප.ව. 4:24



පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට කටයුතු කළ බව අද (27) මුදල් අමාත්‍යාංශයේදී නිෂ්පාදකයින් සමග පැවැති සාකච්ඡාවකදී අනාවරණය වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කර්මාන්තකරුවන් ප්‍රකාශ කර සිටියේ දැනට වෙළෙඳපොලේ පවතින තොග ද, නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බවයි.

ඒ අනුව, එම වාසිය සුවහසක් පාසල් දරුදැරියන් වෙනුවෙන් ලබාදීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා කර්මාන්තකරුවන්ට ස්තූතිය පල කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: