hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 17, ප.ව. 4:09



සේවක අර්ථ සාධක අරමුදල හා සම්බන්ධ ලේඛන සුරක්ෂිතව තබා ගන්නා ලෙස ශ්‍රී මහබැංකුව සාමාජිකයින්ගෙන් සහ සේවා යෝජකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අදාළ ලේඛන ව්‍යාජ ලෙස සකස් කර ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම හේතුවෙන් බවයි, වාර්තා වෙන්නෙ.

නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව පෙන්වා දෙන්නේ විදේශ තානාපති කාර්යාල, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ වෙනත් විවිධ ආයතන වෙත ඉදිරිපත් කර ඇති මහබැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ලේඛන පිළිබඳව සැකයක් මතුව ඇති බවයි.

එබැවින් එම ආයතන, අදාළ ලේඛනවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඉල්ලීම් ගණනාවක් සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව මහබැංකුව කියා සිටියි.

මෙවැනි ව්‍යාජ ලේඛන ඉදිරිපත් වි ඇත්තේ වීසා ලබා ගැනීම, විදේශ රැකියා සඳහා අයදුම් කිරීමේදී ස්ථිර රැකියාවක් හෝ සේවා පලපුරුද්දක් ඇති බවට මෙන්ම විවිධ රාජ්‍ය හෝ ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රසම්පාදන පටිපාටි සඳහා අයදුම් කිරීමේදී ආයතනයන්හි ස්ථාපිත බව, සේවා පලපුරුද්ද වැනි කරුණු තහවුරු කිරීමේදී බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: